වැලි තොටුපොළට ගිය 43 හැවිරිදි දර්ශන තිවංක අතුරුදන් - සොයාගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලයි

Report

2026 අප්‍රේල් මාසයේ දිනක වැලි ගොඩදැමීමේ කටයුතු සඳහා මනම්පිටිය සහ වැලිකන්ද ප්‍රදේශවල පිහිටි වැලි තොටුපොළවල් වෙත පිටත්ව ගිය පුද්ගලයෙකු නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මීගහතැන්න, පුවක්ගහහේන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි වික්‍රමනායක කරුණාරත්නගේ දර්ශන තිවංක නමැති අයෙකි.

අතුරුදන් වූ පුද්ගලයාගේ විස්තර පහත පරිදි වේ.

නම: වික්‍රමනායක කරුණාරත්නගේ දර්ශන තිවංක

වයස: අවුරුදු 43

ලිපිනය: පුවක්ගහහේන, මීගහතැන්න උස: අඩි 5යි අඟල් 4යි.

රූප විස්තර: තළෙළු පැහැති, සිහින් සිරුරක් සහිත, කොණ්ඩය කොටට කපා සිටින අයෙකි.

විශේෂ ලක්ෂණය: එක් දණහිසක ගැටයක් තිබීම.


මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් මීගහතැන්න පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ පුද්ගලයා පිළිබඳව හෝ ඔහු සිටින ස්ථානයක් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම් වහාම මීගහතැන්න පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. තොරතුරු ලබාදිය හැකි දුරකථන අංකය: ස්ථානාධිපති, මීගහතැන්න පොලිස් ස්ථානය 071 8591706

Gallery