තරුණ හදවත් ආදරයෙන් වැළඳගත් ශනුද්‍රි සහ මංචන සමඟ ප්‍රවීණ තරු රැසක් එකම තිරයකට - ‘අග්නිජය’ රිදී තිරයේ ප්‍රදර්ශනය ඇරඹේ! [VIDEO]

Report

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද් සහ තාරුක මංචන පීරිස් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘අග්නිජය’ සිංහල චිත්‍රපටය මේ වනවිට දිවයිනේ සිනමාහල්වල තිරගත වෙමින් පවතී.

ක්‍රියාදාම, අපරාධ, ප්‍රේමය සහ කුතුහලය මුසු වූ මෙම සිනමා නිර්මාණය ඔක්තෝබර් 29 වැනිදා සිට ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව හිමිව තිබේ. චිත්‍රපටයේ කතාවේදී වෛද්‍යවරයකු වීමේ සිහිනයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන මාංචන වටා සිදුවීම් ගොඩනැඟේ.

විශ්වවිද්‍යාල සිසුවියක වන මීරා සමඟ ඔහුගේ ආදර සම්බන්ධතාවය ආරම්භ වන අතර, එම විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරමක් හේතුවෙන් සිදුවන ඛේදවාචකයක් ඔහුගේ ජීවිතය වෙනස් කරයි.

නව පරපුරේ ජනප්‍රිය තරු වන ශනුද්‍රි සහ මංචන රඟන ‘අග්නිජය’ ඔක්තෝබරයේ රිදී තිරයට

නව පරපුරේ ජනප්‍රිය තරු වන ශනුද්‍රි සහ මංචන රඟන ‘අග්නිජය’ ඔක්තෝබරයේ රිදී තිරයට

ඉන් අනතුරුව අපරාධ ජාලයකට එරෙහිව සටන් කිරීමට මාංචනට සිදුවන අතර, ආදරය, පවුල් බැඳීම්, පළිගැනීම සහ යුක්තිය වෙනුවෙන් සිදුවන අරගලය චිත්‍රපටයේ ප්‍රධාන තේමාව බවට පත්වේ. මෙහි විශේෂත්වයක් වන්නේ ප්‍රධාන නළුවා ලෙස ද රංගනයේ යෙදෙන මංචන තාරක පීරිස් විසින්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමයි.

මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය ද වේ. ශනුද්‍රි ප්‍රියසාද් සහ මංචන තාරක පීරිස්ට අමතරව සනත් ගුණතිලක, බිමල් ජයකොඩි, ශ්‍රියානි අමරසේන, ක්ලීටස් මෙන්ඩිස්, කළණ ගුණසේකර, ජගත් චමිල, මීනා කුමාරි, ශේෂාද්‍රි ප්‍රියසාද්, දුලීකා මාරපන සහ දසුනි සෙනෙත්මා ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා දායක වී තිබේ.

චිත්‍රපටයේ තිර රචනයට සරෝව් ෂන්මුගම්, සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදානපතිරණ දායක වී ඇති අතර, කැමරාකරණය විග්නේෂ් වාසු විසින් සිදුකර තිබේ. සංගීත අධ්‍යක්ෂණය දිනේෂ් සුබසිංහගෙනි.

නිෂ්පාදනය Infinity Films විසිනි. පැය දෙකයි මිනිත්තු හයක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටය සිංහල භාෂාවෙන් 2D තාක්ෂණය යටතේ ප්‍රදර්ශනය කෙරේ. චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය ද අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

99 වැනි ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කරන්න ලංකාවෙන් ලලිත් රත්නායකගේ ‘රිවර්ස්ටන්’ තේරෙයි

99 වැනි ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කරන්න ලංකාවෙන් ලලිත් රත්නායකගේ ‘රිවර්ස්ටන්’ තේරෙයි