ඉතිහාසයේ ප්‍රථම වරට අද කොටස් වෙළෙඳපොළෙන් දැවැන්නත වර්ධනයක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සමස්ත කොටස් මිල දර්ශකය (ASPI), වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වරට අද (23) ඒකක 24,000 සීමාව ආසන්නයට ළඟා වී ඇත.
ඒ අනුව අද දින දිවා ගනුදෙනු සැසිය තුළදී මෙම සුවිශේෂී වර්ධනය දැකගත හැකි විය.
කොටස් වෙළෙඳපොළ දත්තවලට අනුව පස්වරු 01:18 ට පමණ දර්ශකය ඒකක 23,999.27 ක් වශයෙන් සටහන් විය.
එසේම දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය අද (23) දින (ASPI) ඒකක 142.74කින් (0.60%) ලෙස ඉහළ ගොස් ඇත.
එබැවින් දර්ශකයේ අගය ඒකක 23,956.51ක් වශයෙන් සටහන් විය.
ඒ අනුව අද දින වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 10.5ක් වශයෙන් වාර්තා විය.