එක දිගට ඇඳ වැටෙන කොටස් - අදත් ගනුදෙනුකරුවන් නොසන්සුන් කරමින් පාතටම වැටෙයි
කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (04) දින අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, අද දින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 250.79කින් පහළ ගොස් තිබුණා.
එය 21,760.31 ක් වශයෙන් සටහන් වී ඇත.
මේ අතර දිනය තුළ වාර්තා වූ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.7 ක් වශයෙන් සටහන් වී තිබෙනවා.