වසර ගණනාවකට පසු උතුරු ඔස්ට්‍රේලියාවට යන ක්‍රිකට්

Report

ලබන ජූලි මාසයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම සිවුදින හා එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිතරවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම තරගාවලියේ තරග සියල්ලම උතුරු ඔස්ට්‍රේලියාවේ අගනුවර ලෙසින් සැලකෙන ඩාවින්හි Marrara ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

අතවරයක් කරේ නෑ .... හැම දේම උනේ කැමැත්තෙන් .සැකකාර සෙබලා කියයි

අතවරයක් කරේ නෑ .... හැම දේම උනේ කැමැත්තෙන් .සැකකාර සෙබලා කියයි

මෙහි ඇති විශේෂත්වය වන්නේ වසර 19කට පසුව Marrara ක්‍රීඩාංගණයේ ද්විපාර්ශ්වීය පළමුපෙළ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමයි.

ඒ අනුව මෙහිදී දෙරට අතර පළමුව එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත.

ඒ ජූලි 4, 6 හා 9 යන දිනවලදීයි.

එම තරගාවලියෙන් පසුව තරග 2කින් යුතු සිවුදින තරගාවලිය පැවැත් වන බව සඳහන්.

එමෙන්ම මෙම තරගාවලියට පසුව ලබන අගෝස්තු මාසයේදී ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 2කින් යුත් විස්සයි 20 තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කවුද හිතුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළාට අපේ අනුදි මෙහෙම කියයි කියලා

කවුද හිතුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළාට අපේ අනුදි මෙහෙම කියයි කියලා

එය ද මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිත අතර එය ක්‍රීඩාංගණයේ වසර 17කට පසු පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වන බව ද වාර්තා වේ.

එසේම 2008 වසරේ අවසන් වරට බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ සිදු කළ තරග සංචාරයෙන් පසු Marrara ක්‍රීඩාංගණයේ මේ වන තුරු කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පවත්වා නොමැති වීම විශේෂත්වයක්.