අර්ච්චුනාට තවත් කේස් එකක් - මන්ත්‍රී ධුරයට එරෙහිව ඉල්ලීමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකරන ලෙස ඔහුගේ නීතිඥවරයා අද (31) අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සෙනානි දයාරත්න මහතා විසින් මෙම මූලික නෛතික ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී අභියාචනාධිකරණය විසින් තීරණය සහ නියෝගය නිකුත් කිරීමට කටයුතු කරන බවයි.