රට ඇතුළට මුහුදු රළ පැමිණීමේ අවදානමක් - මුහුදුබඩ ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්

Report

පුත්තලම සිට කොළඹ දක්වා සහ ගාල්ල සහ මාතර සිට පොතුවිල් දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2-3ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අනතුරු අඟවා ඇත.

මේ හේතුවෙන් හලාවත සිට කොළඹ දක්වා සහ ගාල්ල සිට මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට ළඟා වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන නාවිකයින්ට සහ ජනතාවට මේ පිළිබඳව දැනුවත් වන ලෙස අනතුරු අඟවා ඇත.

සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකිකයන් ප්‍රවේශම් වෙන්න - කාලගුණයෙන් හදිසි නිවේදනයක් නිකුත් වේ

සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකිකයන් ප්‍රවේශම් වෙන්න - කාලගුණයෙන් හදිසි නිවේදනයක් නිකුත් වේ

මීට අමතව නැගෙනහිර පළාතේ සමහර ප්‍රදේශවල, පොළොන්නරුව, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, හැකිතාක් ජලය පානය කරන ලෙසත්, සෙවන සහිත ස්ථානවල විවේක ගන්නා ලෙසත් මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.

ලංකාව දරුණු අවදානමක - ඉන්ධන හා පොහොර මිල ඉහළට - ගංවතුර හා ආහාර හිඟයක් -අලුත්ම වාර්තාවේ බිහිසුණු තොරතුරු

ලංකාව දරුණු අවදානමක - ඉන්ධන හා පොහොර මිල ඉහළට - ගංවතුර හා ආහාර හිඟයක් -අලුත්ම වාර්තාවේ බිහිසුණු තොරතුරු

රට ඇතුළට මුහුදු රළ පැමිණීමේ අවදානමක් - මුහුදුබඩ ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් | Sri Lanka Warns Of 3 Metre High Waves