තුසිත හල්ලොලුවගේ නීතිඥ දිනේෂ් දොඩම්ගොඩගේ අත්අඩංගුව වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් වාරණ නියෝගයක්
තුසිත හල්ලොලුව විසින් ගොතන ලද සහ මෙහෙයවන ලදැයි කියන පහරදීමේ සහ වෙඩි තැබීමේ සිද්ධියකට ආධාර සහ අනුබල දුන් බවට එල්ල වූ චෝදනාවකට අදාළව නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය කොළඹ අපරාධ කොට්ටාසයට (CCD) වාරණ නියෝගයක් නිකුත් කළා.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත කේ. ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කරන ලද අතුරු නියෝගය දින 14 ක් සඳහා බලපැවැත්වෙන්වා.
පෙත්සම්කරු වන දොඩම්ගොඩ මහතා ප්‍රකාශ කළේ තම ජංගම දුරකථනය පරීක්ෂා කිරීමෙන් පසුව වුවද තමා විසින් සිදු කරන ලද කිසිදු වරදක් සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් හමු වී නොමැති බවයි.
නීතිඥවරයෙකු ලෙස තම රාජකාරි ඉටු කිරීමේදී තුසිත හල්ලොලුව හට වෘත්තීය සේවාවන් පමණක් ලබා දී ඇති බවද ඔහු එ පෙත්සම මගින් තවදුරටත් අධිකරණයට පෙන්වා දී තිබෙනවා.