එන්න එන්නම රට සොහොන් පිටියක් වෙයි...එකම වෙලාවේ කුරිරු ඝාතන තුනක්

Sri Lanka Police Investigation Crime Murder Sinhala news Breaking News
By Kaushi Jun 14, 2025 02:51 AM GMT
Kaushi

Kaushi

Report

වෙන්නප්පුවේ පුද්ගලයෙක්ගේ දෑත් සහ දෙපා ගැට ගසා ඝාතනය කර පසුව නිවසේ තිබූ වෑන් රථයක් කොල්ලකෑමේ සිද්ධියක් වාර්තා කර ඇත.

අඳාළ සිදුවීම වෙන්නප්පුව පොලිස් වසමේ දකුණු උල්හිටියාව ප්‍රදේශයේදී ඊයේ (13) දින ඇතිවී තිබෙනවා.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ඝාතනය වී ඇත්තේ 64 හැවිරිදි මූදූකටුව, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

ඒ අනුව වෙන්නප්පුව පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත කළ විමර්ශනයෙන් අපරාධය වූ නිවසේ නිවැසියන් ඉතාලියේ පදිංචිව සිටින බවත් ඝාතනයට ලක්වූ පුද්ගලයා පමණක් එම නිවසේ මුරකරු ලෙස සේවය කරමින් සිට ඇති බවත් අනාවරණය වී ඇත.

එසේම විදේස්ගතව සිටින නිවැසියන්ගේ ඥාතියෙකු අඳාළ නිවසට එන විට මුරකරු දෑත් දෙපා ගැට ගසා නිවසේ කාමරයක මියගොස් සිටින බව දැක ඇති අතර ගාරාජයේ තිබූ වෑන් රථයද නොමැති බවට පොලිසියට පැමිණිලි කර ඇත.

මෙතෙක් අපරාධයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන නොමැති බව සඳහන්. සැකකරුවන් සොයා අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...

එසේම ඊයේ රාත්‍රියේදී හොරණ පොලිස් වසමේ දඹර ප්‍රදේශයේදී ද පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

ඔහු 63 හැවිරිදි දඹර, මීවනපලාන ප්‍රදේශයේ අයෙක්. නිවසේ තවත් අයෙක් හා මත්පැන් පානය අතරතුර වූ ගැටුමක් දුරදිග යාමෙන් සැකකරු ඔහුගේ හිසට මෝල් ගසකින් පහරදී ඝාතනය කළ බව හෙළි විය.

අත්අඩංගුවට ගත් සැකකරු ඝාතනය වූ පුද්ගලයාගේ 43 හැවිරිදි ඥාතී පුතෙක් බව සඳහන්. බවත් විමර්ශනයේදී හෙළිවී තිබේ.

එමෙන්ම ඊයේ රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී තවත් පුද්ගලයෙක් කෝපායි පොලිස් වසමේ මඩතඩි ප්‍රදේශයේදී ඝාතනය කර ඇත.

ඔහු 44 හැවිරිදි මඩතඩි, ඉරුබාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ණය ගන්න අයට මෙන්න මහ බැංකුවෙන් සුබ ආරංචියක්

ණය ගන්න අයට මෙන්න මහ බැංකුවෙන් සුබ ආරංචියක්

පුද්ගලික ගැටුමක් නිසා ඔහු ත්‍රීරෝද රථයකින් ගමන් කරන විට සැකකරුවන් සැඟව සිට තියුණු ආයුධවලින් පහරදී තිබෙනවා.

බරපතළ තුවාල නිසා ඔහුව යාපනය රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇති බව වාර්තා විය.

පුප්පලා ගස්සලා යන්න ඔයා ශකීරද?...බොරු බයිලා එපා...කලාව පැත්තක තියලා ප්‍රසිද්ධියේ මරා ගන්න කලා තරු

පුප්පලා ගස්සලා යන්න ඔයා ශකීරද?...බොරු බයිලා එපා...කලාව පැත්තක තියලා ප්‍රසිද්ධියේ මරා ගන්න කලා තරු

ReeCha