ණය ගන්න අයට මෙන්න මහ බැංකුවෙන් සුබ ආරංචියක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) වෙත විශේෂ උපදෙස් කිහිපයක් ලබා දී ඇති බව වාර්තා වේ.

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

290 දෙනෙක් මරු කටට යැවූ බිහිසුණු ගුවන් අනතුරෙන් බේරුණු ඔහු කියපු සංවේදී කතාව

290 දෙනෙක් මරු කටට යැවූ බිහිසුණු ගුවන් අනතුරෙන් බේරුණු ඔහු කියපු සංවේදී කතාව

ඒ ඉකුත් කාල‍යේදී අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස නැවත පණ ගැන්වීමට පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර නැවත පණ ගැන්වීමට සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබා දෙන ලෙසයි.

ඒ අනුව අඳාළ සහන, බලපෑමට ලක් වුණ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම වෙනුවෙන් නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍ර ලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකූල වන බව සඳහන්.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

එසේම බලපෑමට ලක් වූ ණය ගනුදෙණුකරුවන් සඳහා පොලී සහන සහ නව ණය ලබා දීම ඇතුළු තවත් සහන ලබා දෙන ලෙස බලපත්‍රලාභී බැංකුවලට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම 2024 අංක 04 දරන චක්‍රලේඛය ප්‍රකාරව බලපත්‍රලාභී බැංකුවලට සුදුසුකම් ලත් කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන් හා ණය ප්‍රතිලේඛනගත කිරීමේ ගිවිසුම්වලට එළඹීමට ලබා දී ඇති කාල සීමාව ද 2025.06.15 සිට 2025.06.30 දක්වා දීර්ඝ කර ඇති බව පවසයි.

තවද අඳාළ චක්‍ර ලේඛයේ සඳහන් වන ලෙස ව්‍යාපාර නැවත පණ ගැන්වීම සම්බන්ධයෙන් සාකච්ඡා සඳහා බලපත්‍රලාභී බැංකු සමඟ සම්බන්ධ වූ ණය ගනුදෙණු කරුවන් හට මෙම සහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අදාළ බලපත්‍රලාභී බැංකු වෙතින් ලබා ගත හැකි බව ද දන්වා ඇත.

ජනපති සමාවට වැහිලා මුන් මේ මොනවද කරලා තියෙන්නේ කරන්නේ? තවත් බය හිතෙන හෙළිදරව්වක්

ජනපති සමාවට වැහිලා මුන් මේ මොනවද කරලා තියෙන්නේ කරන්නේ? තවත් බය හිතෙන හෙළිදරව්වක්