මෙරට පිරමීඩ ජාවාරම් පිටුපස සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගැන සිදු වූ අනාවරණය.
CID - Sri Lanka Police
Parliament of Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
Diana Gamage
By Wayomi
ඔන්මැක්ස් නැමැති පිරමීඩ ජාවාරමට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
ඒ, අනුව කෝටි 300ක ගිණුම් මේ වන විටත් නතර කර තිබෙන අතර එම පිරමීඩ ජාවාරම හරහා කෝටි තුන්දාහක් මේ වන විටත් රටෙන් පිට කොට තිබෙන බවයි ඇය අනාවරණය කළේ.
කෙසේ වෙතත් මේ ගැන රහස් පොලිසියේ සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ බොහෝ මන්දගාමීව සොයා බැලීමක් සිදු කර ඇති බවත්, ඔන්මැක්ස් නමැති ආයතනය තහනම් කළ පසුවත් කෝටි 292 ක් මේ වන විටත් ජනතාවගෙන් එකතු කරගෙන තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළා.
