අලින්ටත් කොරිඩෝ, වන ජීවී එකෙන් අලි වැඩක්
වනජීවී දෙපාර්තමේන්තුව මඟින් අලි - මිනිස් ගැටුම අවම කිරීමේ මූලික පියවරක් වශයෙන් අලි කොරිඩෝ 07ක් විවෘත කිරීමට සැලසුම්කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්වතුන්ගේ උපදෙස් මත ඒ වෙනුවෙන් අවශ්‍ය සැලසුම සකස් කර ඇති බව පවසයි.
මෙහිදී අලි කොරිඩෝ ලෙස අර්ථ දක්වන්නේ වන අලින්ට ආරක්ෂිතව එක් වාසස්ථානයක සිට තවත් වාසස්ථානයකට ගමන් කිරීමට සලසා දෙන මාර්ගය බව සඳහන්.
වන අලි - මිනිස් ගැටුම උග්‍ර තත්ත්වයක් බවට පත් වීමට වසර ගණනාවක් තිස්සේ මෙම මාර්ග අවහිර වී හෝ විනාශ වී තිබීම ප්‍රධාන හේතුවක් බව පවසයි.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු
එනිසා මෙම ක්‍රියාමාර්ගය සැලසුම් කර තිබෙනවා.
මේ අතර සැලසුම් කළ අලි කොරිඩෝ 7 වන්නේ, පුවක්තලේ, නාච්චාදූව, නාච්චාදූව විල්පත්තුව, කුණාටුවැව, පොල්ලන්කැලේ, බලලුවැව, හත්පටුනාවයි.