කෝප් කමිටුව කාර්මික ආයතනය සෝදිසියට සැරසෙයි
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුව) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඇතුළු එහි සාමාජිකයන් කණ්ඩායමක් ලබන 17වෙනිදා කාර්මික තාක්ෂණ ආයතනයේ කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිත බව සඳහන් වේ.
කාර්මික තාක්ෂණ ආයතනයේ සම්පත් රටේ සංවර්ධනයට ඵලදායි ලෙස යොදාගත හැකි ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම නිරීක්ෂණ චාරිකාව සූදානම් කළ බව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කරයි.
ගල් අඟුරු සම්බන්ධ පරීක්ෂණ කටයුතු මෙම පර්යේෂණාගාරයේ කළ හැකිදැයි යන්න පිළිබඳව සොයා බැලීමද මෙම සංචාරයේ තවත් අරමුණක් බව සමරවීර මහතා සඳහන් කළේය.