ගෝලීය රන් මිල ඉහළ යාම නිසා මහ බැංකුවෙන් සුබ ආරංචියක්
2026 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.824ක් වශයෙන් වාර්තා වී ඇත.
ඒ අනුව මෙය 2025 දෙසැම්බර් මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.838ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.2% සුළු පහළ යාමක් බව වාර්තා වේ.
එසේ වුවත් 2025 දෙසැම්බර් මාසයේ දී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 86 සිට 2026 ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 109ක් දක්වා 21.1.6%ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක් බව සඳහන්.
ඉකුත් මාසයේ දී ගෝලීය රන් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙසේ මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම ද ඉහළ ගොස් ඇති බව විශ්ලේෂකයින්ගේ අදහසයි.