අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය පතයි
තලංගම, අකුරේගොඩ දී ඊයේ (13) සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය බලාපොරොත්තු වේ.
ඒ අනුව අපරාධය සිදුකිරීමට පැමිණි වෙඩික්කරුවන් හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය පොලිස් වසම, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා ගමන් කර ඇති බවට දැනට සිදු කරමින් පවතින විමර්ශන වලට අනුව අනාවරණය වී තිබේ.
මෙම සිදුවීම සිදු වූ ඊයේ (13) දින සවස් කාලයේ මෙම මාර්ගවල ගමන් ගත් රථවාහනවල සවිකර ඇති කැමරා පද්ධතිවල (Dash Camera) මෙම සැකකරුවන් පැමිණ ඇති බවට සැකකරෙන අංක EP KI-7738 දරන කාර් රථය ගමන් කරන ආකාරය සටහන්ව තිබිය හැකි බව පොලීසිය ප්‍රකාශ කරයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනුයේය.
ඒ අනුව ඊයේ දින සවස් කාලයේ ඉහත ප්‍රදේශවල ගමන් ගත් වාහන හිමිකරුවන් හා රියදුරන් ඉහත කාර් රථයේ දර්ශන තම වාහනයේ කැමරාවල පටිගත වී ඇත්ද යන්න පරීක්ෂා කර බලා එවැනි දර්ශන ඇත්නම් නම්, නොපමාව ඒ බව පහත දුරකථන ඔස්සේ පොලිසිය වෙත දැනුම් දෙන ලෙසයි.
මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් මඟින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත. ලබාදෙන තොරතුරුවල පූර්ණ රහසිගතභාවය සුරකින බව ද ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් දන්වා ඇත.තොරතුරු ලබා දිය හැකි අංක පහත පරිදි වේ.
දුරකථන අංක - නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ දිසාව - 071 8598008 අධ්‍යක්ෂ/ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය - 071 8592279