හෙට පාසල් පැවැත්වෙනව ද?. නැද්ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(නිවේදන)

Ministry of Education Sri Lankan Schools Education Latest Headlines Decision Making
By krishani Jun 26, 2024 03:14 PM GMT
krishani

krishani

Report

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හෙට පාසල් පැවැත්වෙනව ද?. නැද්ද?. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(නිවේදන) | Conducting Schools 27Th June 2024

ඒ හෙට (27) දින සාමාන්‍ය පරිදි රජයේ සියලු‍ම පාසල් පැවැත්වෙන බවයි.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ, 

මේ අතර, හෙට (27) දිනයේදීත් ගුරු විදුහල්පතිවරුන් වර්ජනයේ නිරත වීමට නියමිත ය.

ඒ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් කියා සිටියේ ය.

ඒ වැටුප් විෂමතාවලට විසඳුම් ඉල්ලමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති කොළඹ කොටුවේ අද සංවිධාන කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගයි.

මෙම විරෝධතාවයේ ඔවුන් නිරත වූයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ද නිකුත් කර තිබූ පසුබිමකය.

ජනපති රටටම කියන සුබ ආරංචිය මොකක්ද?. ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය මෙතනින් නරඹන්න.(LIVE VIDEO)

ජනපති රටටම කියන සුබ ආරංචිය මොකක්ද?. ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය මෙතනින් නරඹන්න.(LIVE VIDEO)


ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අසනීප නිවාඩු වාර්තා කරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් සිය විරෝධතා පාගමන ආරම්භ කළේ ය.

ඒ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් රැසක් එක්ව සිටියේ ය.

මෙම විරෝධතාකරුවන්ට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය හා ගාලු‍ මුවදොර භූමියට ඇතුළු වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක්ද නිකුත් කර තිබුණේ කොටුව සහ කොම්පඤ්ඤවිදීය පොලිසි විසින් සිදුකල ඉල්ලීමකට අනුව ය.

එවන් පසුබිමක කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වු ගුරු - විදුහල්පති නියෝජිතයින් පාගමනින් කොටුව මුදල් අමාත්‍යාංශය දෙසට පැමිණීමට උත්සහ කල අතර එහිදී ආරක්ෂක අංශ මාර්ග බාධක යොදා විරෝධතාකරුවන් වැළැක්වීමට කටයුතු කළේ ය.

කෙසේ වෙතත්, ඔවුන් මුදල් අමාත්‍යාංශය දෙසට පැමිණීමට උත්සහ දැරූ අවස්ථාවේ ලෝටස් වටරවුම අසලින් ගාලු‍ මුවදොර දෙසට පිවිසෙන මාර්ගය මාර්ග බාධක යොදා අවහිර කිරීමට පොලිසිය පියවර ගනු ලැබුවේ ය.

ඉන් අනතුරුව, ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් ලෝටස් වටරවුම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරොධතාවයේ නිරත විය.

තවත් රාජ්‍ය සේවකයින් පිරිසක් තීරණයක් ගනී - හෙටයි අනිද්දයි කරන්න යන්නේ මෙන්න මේකයි..

තවත් රාජ්‍ය සේවකයින් පිරිසක් තීරණයක් ගනී - හෙටයි අනිද්දයි කරන්න යන්නේ මෙන්න මේකයි..


කෙසේ වෙතත්, එහිදි විරෝධාතාවයේ නිරත වෘත්තිය සමිති සාමාජිකයින් කිහිප දෙනෙකුට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවකට අවසර හිමි වුවද එම සාකච්ජා සාර්ථක වී නැහැ.

ඒ අනුව විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක නොතකා මුදල් අමාත්‍යංශය දෙසට යාමට උත්සහ කිරීමත් සමග පොලිසිය ජල හා කඳුළුගෑස් ප්‍රහාර එල්ල කළේ ය.

Gallery