තවත් රාජ්‍ය සේවකයින් පිරිසක් තීරණයක් ගනී - හෙටයි අනිද්දයි කරන්න යන්නේ මෙන්න මේකයි..
By krishani
හෙට (27) සහ අනිද්දා සියලු සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
මේ බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ ය.
ඒ කොළඹ අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ය.
මේ අතර, හෙට (27) දිනයේ ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ ය.
ඒ කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේ දී තම උද්ඝෝෂණයට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් ය.