ඔන්න ආයේ ඉස්පිරිතාලෙට යන්න පරක්කු වුණා කියලා ලෙඩ්ඩු අමාරුවේ වැටෙන්නේ නෑ, ආසියානු සංවර්ධන බැංකුවෙන්ම ලංකාවට තෑග්ගක්

Report

ශ්‍රී ලංකාවේ ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් රෝහල් පද්ධතියෙ හි භෞතික සම්පත් ඉහළ නැංවීමට අති නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථ 20 ක් රජයේ රෝහල් වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අද දින (25) සිදු කර තිබෙනවා.

ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය උඩ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් මධ්‍යම රජයේ සහ පළාත් සභාව යටතේ පාලනය වන රෝ‍හල්වලට බෙදාදෙන ලද මෙම එක් ගිලන් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 257කට අධික බව සඳහන්.

උසස් පෙළ විභාගය ගැන මෙන්න විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගය ගැන මෙන්න විශේෂ නිවේදනයක්

වාර්තා වන ආකාරයට මෙම නව ගිලන් රථ තුළ අති නවීන පහසුකම් රැසක් පවතින අතර රෝගීයා වෙනත් රෝහලක් කරා ගෙනයන අතරතුර ද ප්‍රතිකාර රැසක් එමඟින් සිදු කිරීමේ හැකියාව තිබෙනවා.

මේ අනුව ඇඹිලිපිටිය, නාවලපිටිය, මාතලේ, මීගමුව, ත්‍රිකුණාමලය, නුවරඑළිය, හලාවත, මොණරාගල, දඹුල්ල, හොරණ, යන දිස්ත්‍රික් මහ රෝහල් දහයට ද පොළොන්නරුව, මඩකළපුව, බදුල්ල, අනුරාධපුර යන ශික්ෂණ රෝහල් සඳහා ද පොතුවිල්, කන්තලේ, අක්කරෙයිපත්තුව, දෙහිඅත්තකන්ඩිය, යන මූලික රෝහල්වලට ද අම්පාර මහ රෝහලට සහ සීගිරිය රෝහලට ද මෙම අති නවීන ගිලන් රථ 20 බෙදා දී ඇත.

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ මෙරට මධ්‍යම රජයේ සහ පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් පද්ධතියට අවශ්‍යවන ගිලන්රථ අවශ්‍යතාවය පරිදි ඉදිරි කාලය තුළ දී අදියරෙන් අදියර ලබා දීමට කටයුතු කරන බවයි.

එසේම ඒ සදහා මධ්‍යම රජයේ, සෞඛ්‍ය සංවර්ධනයට වෙන්වූ විශේෂ ව්‍යපෘතිවල මෙන්ම විදේශ රාජ්‍යන්ගේ සහාය ද ලබා ගැනීමට කටයුතු කරන බවත් සඳහන්.

ඊට අමතරව රෝහල් පද්ධතියෙහි සිදුකළ යුතු භෞතික සම්පත් සංවර්ධනයට දැනටමත් පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා. එසේම එය ක්‍රමාණුකූලව නිසි සැලසුමකට අනූව සිදුකරන බව ද ඔහු අවධාරණය කළා.

මේ අතර නලින්ද මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙරට ජනතාවට ප්‍රශස්ථ සෞඛ්‍ය සේවාවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිරතුරුවම කැපවන බවයි.

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

රනිල්ට චෝදනා කරන පිංගුත්තරයෝ මේ සාසනය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ, අනුර ජනපතිතුමා අම්මව බලන්න ගිය ඒවට තෙල් ගැහුවෙත් අපේ බදු මුදල්වලින් - සුමනධම්ම හිමි

රනිල්ට චෝදනා කරන පිංගුත්තරයෝ මේ සාසනය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ, අනුර ජනපතිතුමා අම්මව බලන්න ගිය ඒවට තෙල් ගැහුවෙත් අපේ බදු මුදල්වලින් - සුමනධම්ම හිමි