මිනිස්සු 120 ට වැඩියෙන් මරු කටට යැවූ භයානක ඛේදවාචකය
ඉකුත් සති හය තුළ පකිස්තානයේ ප්‍රදේශ රැසකට බලපෑ ප්‍රබල වැසි නිසා පන්ජාබ් පළාත තුළ පමණක් පුද්ගලයන් 120කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව අනපේක්ෂිතව ඇති වූ මෝසම් වර්ෂාව සහ හදිසි ගංවතුර තත්ත්වයක් නිසා පාකිස්තානයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවලට අනුව තද වැසි බලපෑ ඇතැම් පළාත්වල ග්‍රාමීය මෙන්ම නාගරික ප්‍රදේශ ද ජලයෙන් යටව පවතී.

රනිල්ට චෝදනා කරන පිංගුත්තරයෝ මේ සාසනය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ, අනුර ජනපතිතුමා අම්මව බලන්න ගිය ඒවට තෙල් ගැහුවෙත් අපේ බදු මුදල්වලින් - සුමනධම්ම හිමි
එසේම කාලගුණ බලධාරීන් පුරෝකතනය කර ඇත්තේ අවම ලෙස අගෝස්තු 27 දක්වා මෙම වර්ෂාව පැවතිය හැකි බවයි.
එමෙන්ම පළාත් ආපදා කළමනාකරණ අධිකාරිය (PDMA) පවසන ලෙස නාගරික ජල ගැලීම් සහ හදිසි ගංවතුර අවදානම පහත් බිම්වල විශේෂයෙන් ඉහළ මට්ටමක පවතින බව සඳහන්.
මේ අතර පහුගිය ජුනි මාසයේ සිට පකිස්ථානයට බලපා ඇති මෝසම් වැසි නිසා මේ වන විට 700 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව 1,000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.
ඒ අතර බොහෝ දෙනෙක් කාන්තාවන් සහ ළමුන් බව ද සඳහන්.