නිදන් හාරපු DIG උජිත්ගේ පුටුව පොලිස්පති ජි. එන් ද සොයිසාට දීලා
නිදන් හෑරීමේ සිද්ධියකට ආධාර අනුබලදීමට අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ වෙනුවට එම තනතුරේ රාජකාරි ඉටු කිරීමට නියෝජ්‍ය පොලිස්පති ජි. එන්. ද සොයිසා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් පත්කර ඇති බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති ජී. එන් ද සොයිසා සුභ සාධන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කරන බවද සඳහන්.
එසේම අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙරේදා (25) දින පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් මූලස්ථානය වෙත ස්ථාන මාරු කර ඇත.