ප්‍රදේශයක පාසල් පැවැත්වීම ගැන කලාප කාර්යාලයෙන් එකවරම තීරණයක් ගනී.

Sri Lanka Weather Sri Lankan Schools Education
By krishani Oct 16, 2023 12:02 AM GMT
krishani

krishani

Report

මේ දිනවල බණ්ඩාරවෙල ප්‍රදේශයට අයහපත් කාළගුණ තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ හේතුවෙන් බණ්ඩාරවෙල පාසල්වලට දරුවන් පැමිණිමට පෙර පාසල් බිම හා ගොඩනැගිලි පූර්ව පරීක්ෂාවට ලක්කර ආපදා තත්ත්වයක් නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස දන්වා ඇත.

ඒ අනුව බණ්ඩාරවෙල පාසල් 144ක විදුහල්පතිවරුන්ට මේ බව දැන් වූ බව බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතා සඳහන් කළේ ය.

එහිදී ආපදා තත්වයක් ගැන මුලිකව දර්ශනය වන්නේ නම් අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය ද අදාල පාසලේ විදුහල්පතිවරුන්ට පවරා තිබෙනවා.

පාසල් දරුවන් පැමිණීමේ දී ඔවුන් ගමන් ගන්නා මාර්ග අවදානම් තත්ත්වයේ පවතී නම් එම දරුවන් වෙනත් පාසල් වෙත තාවකාලිකව යොමු වීමට අවස්ථාව ලබා දීමට පියවර ගත යුතු බව ද විදුහල්පතිවරුන්ට දැන්වූ බව ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම තීරණය ගෙන ඇත්තේ මෙම ප්‍රදේශවල දැනට පවතින අධික වර්ෂාව සහ නාය යෑමේ අනතුරු හේතුවෙන් ය.

ReeCha