අඩු මිලට දෙන අරක්කු ‘පොහොසත් රටක්.. ලස්සන ජීවිතයක්’. - ජනපතිට ලැබුණු ලිපිය මෙන්න.
අඩු මිලට ලබාගැනීමට හැකි නව මත්පැන් නිෂ්පාදනයක් කඩිනමින් ජනතාවට හඳුන්වාදීමට කටයුතු කරන බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සිදු කළ ප්‍රකාශයට ජාතික සංඝ සම්මේලනය සිය දැඩි අප්‍රසාදය පළ කරනවා.
ඒ, අනුව මේ බව ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිඛිතව දැනුම්දීමට එම සභාව කටයුතු කර තිබෙනවා.
එම ලිපියෙන් පෙන්වා දෙන්නේ මෙය අතිශය ඛේදජනක අප්‍රසන්න පුවතක් වන බවත්, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතළ සැකයක් ද උපදින බවත්ය.
එමෙන්ම රටේ ක්‍රියාත්මක නීතිය දුම්කොළ හා මධ්‍යසාර අධිකාරී පනත අනුව රටේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාකිරීම නීතිවිරෝධී කටයුත්තක් බවත් ඉන් අවධාරණය කරනවා.
You May Like This Video


