සකුරව හොරෙන් ළඟ තියා ගත්තට මහේස්ත්‍රාත් තිලිණ ගමගේගේ වැඩ තහනම්

Report

මොරටුව දිසා විනිසුරුවරයා සහ මහේස්ත්‍රාත්වරයා ලෙස ක්‍රියා කළ තිලිණ ගමගේගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර ඇති බව සඳහන්.

ඒ අනුව ඔහුට අදාළව ඇති විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් දැනට අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සිදුකරමින් පවතින විමර්ශනයක් නිසා මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇති අතර දින 21තුළ කරුණු දක්වන ලෙස ඊයේ (01) දින මහේස්ත්‍රාත්වරයා වෙත අධිකරණ සේවා කොමිසම ලිඛිතව දැනුම් දී ඇත.

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

අඳාළ විමර්ශන අලි ජාවාරම් සම්බන්ධව ඔහු කටයුතු කර ඇති ආකාරය පිළිබඳව සිදු කරන අතර ඉකුත් ජුනි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාව තිලිණ ගමගේට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර ඇත.

එහිදී තිලිණ ගමගේ කූඨ ආකාරයට සකස් කරන ලද බලපත්‍රයක් උපයෝගී කරගෙන “සකුරා” නම් අලි පැටවකු සන්තකයේ තබාගැනීම තුළින් පොදුදේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අධිචෝදනා 25ක් යටතේ නීතිපතිවරයා නඩුකරයක් ගොනු කර තිබූ බව වාර්තා වේ.

පොලිස් නිලධාරීන්ගේ වැටුපට වෙන්න යන දේ

පොලිස් නිලධාරීන්ගේ වැටුපට වෙන්න යන දේ

ඔහුට එරෙහිව අලි පැටවෙකු නීතිවිරෝධීව ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණා. මේ අතර 2015 මැයි මාසයේදී එම අලි පැටවා වනජීවී දෙපාර්තමේන්තුවට නැවත බාරදී තිබෙනවා.

එනිසා අධිකරණ සේවා කොමිෂන් සභාව 2016 මැයි මාසයේදී එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයෙකු වශයෙන් ක්‍රියා කළ තිලිණ ගමගේගේ වැඩ තහනම් කර ඇත.

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

පසුගිය 2019 නොවැම්බර් 07 වන දින තිලිණ ගමගේ සහ චන්ද්‍රරත්න බණ්ඩාර යටවර ඇතුළු සිව්දෙනෙකුට විරුද්ධව කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග ඉදිරියේ චෝදනා ගොනු කර තිබූ අතර ඉන් පසුව තිලිණ ගමගේට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කිරීමේදී ප්‍රමාණවත් තරම් සාක්ෂි ඉදිරිපත් කර නොතිබීම නිසා 2021 දෙසැම්බර් 16 වැනිදා තිලිණ ගමගේව චෝදනාවලින් නිදහස් කර තිබෙනවා. 

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ