හරිනේ අමාරුව, කොමිෂමට කොකා පෙන්නුවට රාජිතගේ දේපළත් රාජසන්තක කරන්න යයි

Report

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න දිගටම සැඟවී සිටිනවා නම් ඔහුගේ දේපළ රාජසන්තක කිරීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අවධානය යොමු වී ඇති බවට එහි අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරන බව වාර්තා වේ.

ඒ අනුව ඊට අදාළව ලිපිගොනු සකස් කිරීම සහ එය ඉල්ලීමක් ලෙස අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් ලබා ගැනීම වෙනුවෙන් කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි සඳහන් වන්නේ.

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

කෙසේ වෙතත් රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට ඉකුත් දිනවලදී ඔහු සිටි ස්ථාන කිහිපයකට ගියත් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නැත.

එනිසා මේ වන විට අධිකරණයෙන් ඔහුට විරුද්ධව වරෙන්තුවක්ද නිකුත් කර ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළ පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බව පවසයි.

එසේම මීට පෙරද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින විටදීද ඔහුත් දිගින් දිගටම සැඟව සිටි නිසා ඔහුගේ දේපළ ද රාජසන්තක කිරීමට ඒ අවස්ථාවේදී කටයුතු කරමින් තිබූ අතර අනතුරුව ඔහු අධිකරණයට භාර වී තිබුණා.

රෝහිතගේ කොලිෆිකේෂන් අපි පෙන්නනම්, රාජපක්ෂ පුතාට බනිනවා අහන් ඉන්න බැරි තැන Supreme SAT ට දෙවෙනි පාරටත් කිරි එරෙයි

රෝහිතගේ කොලිෆිකේෂන් අපි පෙන්නනම්, රාජපක්ෂ පුතාට බනිනවා අහන් ඉන්න බැරි තැන Supreme SAT ට දෙවෙනි පාරටත් කිරි එරෙයි

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න