ඌරුවරිගේ වන්නිලැත්තෝ දඹානේදී හරක් හොරු අල්ලයි

Report

සොරකම් කරන ලද ගවයන් පස් දෙනෙකු ප්‍රවාහනය කළ ලොරියක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන මහියංගණය පොලිසිය වෙත භාරදීමට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ඇතුළු දඹාන ආදිවාසීන් පිරිසක් කටයුතු කර තිබේ.

දඹාන ආදිවාසී ගම්මානය හා ඒ අවට නිරන්තරයෙන් සිදුවන ගව සොරකම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටි ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් සහ දඹාන ගුරුකුඹුර ආදිවාසී බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ගල්පෝරුයායේ ප්‍රදීපවංශ හිමියන් ඇතුළු පිරිස යෙදූ විශේෂ සැලසුමකට අනුව මෙම සැකකරුවන් අල්ලා ගැනීමට හැකිවී ඇත.

සැකකරුවන් මෙලෙස කොටුවී ඇත්තේ දඹාන ප්‍රදේශයෙන් ද ගවයකු සොරකම් කර ලොරියට පැටවීමට උත්සාහ දැරූ අවස්ථාවේදීය. සැකකරුවන් මහියංගණය පොලිසිය වෙත භාරදීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, ලොරියේ සිටි ගවයන් පස්දෙනාගෙන් සිව්දෙනෙකුම මහඔය ප්‍රදේශයෙන් සොරකම් කරන ලද සතුන් බවට අනාවරණය වී තිබේ.

දෙවිනුවර පෙරහැර බලන්න එන ඔයාට විශේෂ දැනුම්දීමක් - අද රාත්‍රී 10 දක්වා වලංගුයි දැනුවත් වෙන්න

දෙවිනුවර පෙරහැර බලන්න එන ඔයාට විශේෂ දැනුම්දීමක් - අද රාත්‍රී 10 දක්වා වලංගුයි දැනුවත් වෙන්න

අදාළ ගව සොරකම් සම්බන්ධයෙන් හිමිකරුවන් විසින් මහඔය පොලිසියට මීට පෙර පැමිණිලි ද කර තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මහියංගණය, පගරගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් මහියංගණය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත මහියංගණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. එම්. සිසිර බණ්ඩාර හේරත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්