ඉදිරි සති කීපයම ඉතා අවදානම් - ලේ ගංගා හලන්න සියල්ල සූදානම් ඉරානය අති ප්‍රබල මිසයිල තොගයක් වහාම ගෙන්වයි

Report

අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින උණුසුම් ගැටුම්කාරී වාතාවරණය හමුවේ, තමන්ගේ හමුදා කඳවුරු සහ වැදගත් ස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා ඉරානය විසින් චීනයෙන් උරහිස මත තබා ප්‍රහාර එල්ල කළ හැකි ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති තොගයක් මිලදී ගෙන තිබේ.

ඉදිරි සති කිහිපය තුළ මෙම මිසයිල පද්ධතිවල පළමු තොගය ඉරානය වෙත ලැබීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙම ගිවිසුම යටතේ මිසයිල විදින පද්ධති 300ත් 400ත් අතර ප්‍රමාණයක් මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කර ඇති අතර, මෙහි සම්පූර්ණ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 60ත් 70ත් අතර අගයක් ගනු ලබයි.

අමෙරිකා - සවුදි පළි ගැනීමේ ගින්නෙන් ඉරාකය ලේ විලක් වෙයි - ප්‍රහාරවලින් හමුදාවේ 20 දෙනෙක් ජීවිතක්ෂයට

අමෙරිකා - සවුදි පළි ගැනීමේ ගින්නෙන් ඉරාකය ලේ විලක් වෙයි - ප්‍රහාරවලින් හමුදාවේ 20 දෙනෙක් ජීවිතක්ෂයට

මෙම මිසයිල තොගයට චීනයේ නිෂ්පාදිත QW-12 සහ FN-16 යන මාදිලිවලට අයත් මිසයිල වර්ග ද ඇතුළත් වන බව තහවුරු වී ඇත.

මෙම සුවිශේෂී ගනුදෙනුව සහ ගිවිසුම්ගත වීම් සිදුකර තිබෙන්නේ හොංකොං හි පිහිටි 'Zhongqing Baoshang International Investment' නමැති සමාගම හරහා බව ද අදාළ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට පිළිගත නොහැකි අවදානමක් - මෙම නිෂ්පාදන ආනයනය තහනම් කරන බවට නිවේදනයක්

ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට පිළිගත නොහැකි අවදානමක් - මෙම නිෂ්පාදන ආනයනය තහනම් කරන බවට නිවේදනයක්