රෝහිතගේ කොලිෆිකේෂන් අපි පෙන්නනම්, රාජපක්ෂ පුතාට බනිනවා අහන් ඉන්න බැරි තැන Supreme SAT ට දෙවෙනි පාරටත් කිරි එරෙයි

Report

Supreme SAT 01 චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමේ සිදුවීමට අදාළව Supreme SAT සමාගමෙන් නිකුත් කළ තවත් මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් මගින් කරුණු අනාවරණය කර ඇත.

ඒ අනුව ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී ‍අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ අදහස් දැක්වීමෙන් පසුව මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා ඉදිරිපත් කරන ලද වැඩසටහනකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් අදාළ සමාගමට සම්බන්ධ විධායක නිලධාරියෙකු මඟින් මෙම පිටු 6 කින් යුතු නිවේදනය එවා ඇති බව ප්‍රකාශ කරයි.

මීට පස්සේ සෑම සඳුදා දිනකම මේක අනිවාර්යයි, රජයෙන් මුළු රටටම නිවේදනයක්

මීට පස්සේ සෑම සඳුදා දිනකම මේක අනිවාර්යයි, රජයෙන් මුළු රටටම නිවේදනයක්

අඳාළ නිවේදනයෙන් සමාජය තුළ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතිවූ විරෝධයන්ට ප්‍රතිචාර දක්වා ඇති අතර ඉකුත් දිනවල අභියෝගයට ලක් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ද කරුණු අනාවරණය කර තිබෙන බව සඳහන්.

ඒ අනුව එම සමාගම අඳාළ නිවේදනයෙන් රෝහිත රාජපක්ෂ මහතා කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක නීති රීති ප්‍රකාරව අදාළ වේදනයකට යටත්ව තම ආයතනයට බඳවාගෙන සිටි පුද්ගලයකු බවත්, ඔහු සේවය කළේ තම සුදුසුකම් ලෝකයේ පිළිගත් විශ්ව විද්‍යාල ඔස්සේ අදාළ සහතික ඉදිරිපත් කොට සම්මුඛ පරීක්ෂණයකින් සමත්වීමෙන් පසුව බවත්, එය සාක්ෂි සහිතව තහවුරු කළ හැකි සිදුවීමක් බවත් දක්වා ඇති බව සඳහන්.

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

තවද එහි රෝහිත රාජපක්ෂගේ සම්බන්ධය ඉදිරිපත් කොට මෙම පුද්ගලික ව්‍යාපෘතිය රාජපක්ෂකරණය කොට දේශපාලන එදිරිවාදිකම් පිරිමසා ගැනීමට ඩොලර් බිලියන ගණනක් ශ්‍රී ලංකාවට උත්පාදනය කරන ව්‍යාපෘතියක් අසාධාරණ ආකාරයට වධ බන්ධනයන්ට ලක් කිරීම සම්බන්ධයෙන් අදාළ දේශපාලකයන් කටයුතු කළේ ඉතා පහත් ආකාරයකට බවද ඇතුළත්.

එමෙන්ම මෙසේ තහවුරු වී තිබියදීත් මෙම බොරුව මත පිහිටා කටයුතු කරන මුග්ධ දේශපාලනඥයින් මෙන්ම ඔවුන් තම පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී සිදු කරනු ලබන සාවද්‍ය ප්‍රකාශ හේතුවෙන් අඳුරු වන්නේ ශ්‍රී ලංකාවේ දක්ෂ දරුවන්ගේ අනාගතය බව ද එම දක්වා ඇති බව පවසයි.

මේ අතර එහි තවදුරටත් පෙන්වා දී ඇත්තේ ලෝකය පිළිබඳ කියවීමක් නැති පටු ලාමක දේශපාලඥයින්ගේ මුසා නිසා අහිමි වූ ව්‍යාපාර අවස්ථා අතර මෙරටට මං ඇහිරී ඇති විශාලතම ඩොලර් උත්පාදන මාර්ගයක් වශයෙන් මෙම වාණිජ චන්ද්‍රිකා හා අභ්‍යවකාශ ක්‍ෂේත්‍රය ද හැඳින්විය හැකි බවයි.

තෙල් දාලා, බැඳලා මදිවට නිකනුත් පිඟානේ තියන් ලූනු කෑවේ මේවා දැනගෙනද?

තෙල් දාලා, බැඳලා මදිවට නිකනුත් පිඟානේ තියන් ලූනු කෑවේ මේවා දැනගෙනද?