හොර පාරෙන් ගෙනා මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් 12ක් මාට්ටු
මන්නාරමේදී මුහුදු කූඩැල්ලන් 14,000කට වැඩි තොගයක් සමඟ සැකකරුවන් 12ක් නාවික හමුදා භාරයට ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් වෙරළ හා ගොඩබිම් ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (28) සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ සහ බලපත්‍ර නොමැතිව ගොඩබිම් මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 14,072ක්, ඩිංගි යාත්‍රා 3ක් සහ යතුරුපැදි 2ක් සමඟ මෙලෙස අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.
මියගිය සනත් නන්දසිරි ශූරීන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම අවුරුදු තුනක් පමා කරලා - එයට හේතුව රජය විසින් සිදු කළ නොමනා ක්‍රියාවක් පිළිබඳව දියණිය ප්‍රසිද්ධියේ හෙළි කරයි
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය වෙත ලද තොරතුරකට අනුව දියත් කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් සහ යතුරුපැදි දෙකක් පරීක්‍ෂාවට ලක් කර ඇත.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24ත් 46ත් අතර වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.
මම විශ්‍රාම ගිහින් අවුරුදු 20ක් අද මට හමුදාවේ අණ දෙන තනතුර ලැබුණොත්.. මට ඒකට අණ දෙන්න පුළුවන් - හමුදාවෙත් විශ්‍රාම වයස දික් කරන්න කියන ෆොන්සේකා
අත්අඩංගුවට ගත් සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ යතුරුපැදි ඉදිරි වැඩිදුර නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කර ඇත.