කතරගම පෙරහැරටත් බෝම්බ ගැහුවා.. දළදා මාලිගාවට එල්.ටී.ටී.ඊ. එකෙනුත් බෝම්බ ගැහුවා, ජේ.වී.පී. එකෙනුත් ගැහුවා හැබැයි පෙරහැර පැවැත්වුවා - දෙවිනුවර උණුසුම මැද නාමල් ආරූඪ වෙයි

Report

පළාත් සභා ඡන්දය පැවැත්වුවහොත් ජනාධිපතිවරයාට රටේ ජනතාවගෙන් ඇත්තටම සියයට කීයක් කැමතිද යන්න නිවැරදිව සොයා ගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එසේම එවිට ආයතනවලට මුදල් දී සමීක්ෂණ වාර්තා කිරීමට අවශ්‍යතාවයක් නැති බව ද ඔහු පැවසුවා.

පර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා ඇත්තේ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

ඒ අනුව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,

දෙවිනුවර පෙරහැරට තවත් කොඩිවිනයක් - උණුසුම් තත්ත්වයක් සමඟ පෙරහැරේ අලි කුලප්පු කරලා මහා විනාසයකට සැලසුමක් හදලා

දෙවිනුවර පෙරහැරට තවත් කොඩිවිනයක් - උණුසුම් තත්ත්වයක් සමඟ පෙරහැරේ අලි කුලප්පු කරලා මහා විනාසයකට සැලසුමක් හදලා

"​එක පැත්තකින් ආණ්ඩුව ඡන්දයක් තියන්න සූදානම්ද නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා. මොකද ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මතය උරගා බලන්න ඕනේ නම්, ඔය එක එක ආයතනවලට මුදල් දීලා සමීක්ෂණ වාර්තා කරන්නේ නැතුව පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන්. ඉතින් ඒ තුළ තමන්ගේ පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන්. ​ඉතින් ආයතනවලට මුදල් දිදී සමීක්ෂණ කර කර ඉන්න වෙලාවේ පළාත් සභා ඡන්දය තිබ්බා නම්, ජනාධිපතිවරයාට රටේ ජනතාවගෙන් සියයට කීයක් කැමතිද නැද්ද කියලා ජනාධිපතිතුමාට හොයාගන්න පුළුවන්. ​හැබැයි ඉතින් අනිත් පැත්තෙන්, ආණ්ඩුව මේ රටේ ජනතාව බඩගින්නේ තියෙනවා. ඒ සමීක්ෂණ වාර්තාවලම සඳහන් වෙනවනේ ජනතාවගෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් බඩගින්නේ ඉන්නවා කියලා. ඒ අනුව ​ආණ්ඩුව අද තමන් කරපු පොරොන්දු ඉටු කරන්න අපොහොසත් වෙලා තියෙනවා. ඉතින් අපි පක්ෂයක් විදිහට ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට අපි සූදානම් වෙනවා. ​ආණ්ඩුව හිතනවා නම් ජනතාවගේ මතයට විරුද්ධව, මේ රටේ වෘත්තිකයන්ගෙන් සහ මේ රටේ විශේෂයෙන්ම නීතිපති, මේ රටේ නීති වෘත්තියේ ඉන්න අයගෙන් විශේෂයෙන්ම නීතිඥ සංගමය, ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය, ලංකාවේ නීතිඥ සංගමය සහ පහළ අධිකරණවල ගරු විනිශ්චයකාරවරුන්ගේ සහ සමස්තයක් ලෙස මේ රටේ ජනතාවගේ මතයට විරුද්ධව ගිහිල්ලා, ආණ්ඩුවේ තනි කැමැත්තට ව්‍යවස්ථා සංශෝධන ගෙනැල්ලා මේ රටේ බලය තහවුරු කරගන්න පුළුවන් කියලා, ආණ්ඩුවට වැරදිලා. ​ඉතිහාසයේ එවැනි සිදුවීම් වෙච්ච වෙලාවල්වල ඒ කාලයේ තිබිච්ච ආණ්ඩුවලට අත් වෙච්ච තීරණයන් පිළිබඳවත් ආණ්ඩුව අවබෝධය, අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ආණ්ඩුව වැඩ කරන්නේ නැති කොට, තමන් වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ නැති කොට, ආණ්ඩුව උත්සාහ කරන්නේ බලහත්කාරයෙන් තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යන්න.. ​නෑ, අද ඒක වෙන්නේ නෑ. හැබැයි ඉතින් ඔබට මතක ඇති අපි ඉතිහාසයේ කතරගම පෙරහැරටත් බෝම්බ ගැහුවා. ජීවිත හයක් නැති වුණා. අදටත් වාසනා ඇත් රජාගේ ඇඟේ ඒ බෝම්බ පාරවල් තියෙනවා. ​හැබැයි එදා පෙරහැරට එවකට තිබිච්ච ආණ්ඩුව ආරක්ෂාව දීලා කතරගම දෙවි හාමුදුරුවන්ගේ පෙරහැර පවත්වාගෙන ගියා. ඒ වගේම තමයි දළදා මාලිගාවට එල්.ටී.ටී.ඊ. එකෙනුත් බෝම්බ ගැහුවා, ජේ.වී.පී. එකෙනුත් ගැහුවා. හැබැයි දළදා පෙරහැර පැවැත්වුවා.

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

​ඉතින් රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කාලානුරූපව නොයෙක් අභියෝග එනවා. හැබැයි ඉතින් සංවිධානාත්මක අපරාධකරුවන් මෙහෙයවීම මත නම් පෙරහැරේ පැවැත්ම තීන්දු කරන්නේ, ඉතින් එහෙම නම් ආණ්ඩුවක් ඕනේ නැහැනේ. නේද? ඉතින් එහෙම නම් ආණ්ඩුවක් ඕනේ නැහැ. ​ඒ හින්දා ආණ්ඩුව පෙරහැරට සම්බන්ධ වන කාවඩි වෙන්න පුළුවන්, නර්තනකරුවන් වෙන්න පුළුවන්, අලි ඇතුන් වෙන්න පුළුවන්, නිලමේතුමා වෙන්න පුළුවන්, බලන්න එන වන්දනාකරුවන් වෙන්න පුළුවන් මේ අයගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. දැන් මැතිවරණයක් නැහැනේ තවම සහ දේශපාලනයේ අපි හංගලා ගහන්නේ නැහැ. අපි විපක්ෂෙ එක්ක සාකච්ඡා කරනවා නම් අපි එළිපිට සාකච්ඡා කරන්නේ. මොකද අපි ඔය දේශපාලනයේ කොළය වහලා ගහපු දේශපාලනයෙන් බැටකාපු අය. අපේ පක්ෂය කැඩිලා විනාශ වෙලා ගියේ ඔය කොළේ වහලා දේශපාලනය කරන්න ගිහිල්ලා. ​ඒ හින්දා අපි පැහැදිලියෙන්ම අපි කියන්නේ, අපි සාකච්ඡා කරනවා නම් අපි ඒක එළිපිට සාකච්ඡා කරනවා මිසක් හැංගි හොරා සාකච්ඡා කරන්නේ නැහැ. මොකද අපි අවසානයේ හැංගි හොරා මොන සාකච්ඡාව කරත් අපි ජනතාව ඉදිරියට යන්න ඕනේ. ඉතින් ජනතාවගේ අවශ්‍යතාවය මත අපි සන්ධාන හදනවා මිසක්, රටේ අවශ්‍යතාවය මත සන්ධාන හදනවා මිසක්, පුද්ගලයන්ගේ අවශ්‍යතාවය මත අපි සන්ධාන හදන්නේ නැහැ.. ​නෑ ඉතින් අපිට සාකච්ඡා කරන්න දෙයක් නැහැ. අපේ මතවාදය එක්ක එකඟ වන, අපේ මතවාදය විශ්වාස කරන සහ මේ රටට ගැලපෙන දේශපාලන වැඩපිළිවෙලක් තියෙනවා කියලා විශ්වාස කරන ඕනෑම කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ​ඒ වගේම තමයි පහුගිය කාලයේ නොයෙක් හේතු හින්දා අපේ අය ඈත් වුණා. ඒ වගේම කණ්ඩායමක් ඈත් වෙනකොට තව කණ්ඩායමක් ළං වුණා. ඉතින් මේ දෙපාර්ශ්වයම ආරක්ෂා කරගෙන අපි ශක්තිමත් බලවේගයක් හදන එක තමයි මට තියෙන වගකීම. ​නාමල් රාජපක්ෂට යන මග හොඳ වුණත්, රටේ ජනතාව මේ මුහුණ දෙන අභියෝගයට හොඳ නැත්නම්, මේ එන කාලසීමාවේ මුහුණ දෙන මග හොඳ නැත්නම්, ඒ මග සුබ කිරීම තමයි නාමල් රාජපක්ෂගේ පළවෙනි අභියෝගය. ඒ හින්දා මේ ආණ්ඩුව ලව්වා තමන් වෙච්ච පොරොන්දු ඉටු කරන එක තමයි අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ."