මම සර්ට පිස්තෝලය දුන්නා, හැබැයි සර්ට පතුරම් දුන්නේ නැහැ - හිටපු පොලිස්පතිගේ මරණය ගැන ආරක්ෂකගෙන් ආන්දෝලාත්මක අනාවරණයක්

Report

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 16කට අධික කාලයක් තමා රාජකාරි කළ බවත්, එම දීර්ඝ කාලසීමාව තුළ කිසිදු දිනක තම පිස්තෝලය හිටපු පොලිස්පතිවරයා ඉල්ලා නොමැති බවත් ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් සැරයන් ඊ.එම්. ප්‍රසන්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එහෙත් ඔහු මියගිය දිනයේ පමණක් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා එම පිස්තෝලය සහ ඊට යොදන ජීව උණ්ඩ ඉල්ලා සිටි බවත්, අනතුරුව හිටපු පොලිස්පතිවරයා එම පිස්තෝලයෙන්ම වෙඩි තබා ගත් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මියයාමේ සිද්ධියට අදාළව පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් ජූලි (28) වනදා සැරයන්වරයා අධිකරණය හමුවේ මෙම කරුණු හෙළිදරව් කර ඇත.

වී කිලෝවක නිෂ්පාදන පිරිවැය ප්‍රකාශයට - නව මිල මෙන්න

වී කිලෝවක නිෂ්පාදන පිරිවැය ප්‍රකාශයට - නව මිල මෙන්න

බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයේ මෙහෙයවීම මත පැවැති මෙම නඩු විභාගයේදී, හිටපු පොලිස්පතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී සැරයන් ඊ.එම්. ප්‍රසන්න මහතා විවෘත අධිකරණයේදී මෙම සංවේදී සාක්ෂිය ලබා දුන්නේය.

"මම වසර 16කට අධික දීර්ඝ කාලයක් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කරනවා, මෙම කාලය තුළ සර් (හිටපු පොලිස්පති) කිසි ම දචසක මගෙන් පිස්තෝලය කුමන හේතුවකටවත් ඉල්ලලා නැහැ. ඒ වගේ ම ව්‍යායාම කිරීමට ගිය කිසි ම දිනයක වතුර බෝතල් රැගෙන ගියේ නැහැ.

වතුර බෝතල් රැගෙන යන්න කියලා මට කියලත් නැහැ. මෙම සිද්ධිය වූ දිනයේ සර් (හිටපු පොලිස්පති) ව්‍යායාම කිරීමට යාම සඳහා ව්‍යායාම කරන ඇඳුමින් සැරසී සිටියා. එහෙත් ඒ වෙලාවේ සපත්තු දාලා හිටියේ නැහැ, සාමාන්‍යයෙන් මීට පෙර නම් සර් ව්‍යායාම කිරීමට යාමට සූදානම් වෙලා සපත්තු නොදමා ඉන්නේ නැහැ, එහෙත් මෙම දවසේ සර් ව්‍යායාම කරන ඇඳුම් ඇඳගෙන සිටියත් සපත්තු දාලා හිටියේ නැහැ" "එදා සර් මට කිව්වා ප්‍රසන්න ඔයාගේ පිස්තෝලය මට දෙන්නකො පරීක්ෂා කරලා බලන්න කියලා මම සර්ට පිස්තෝලය දුන්නා, හැබැයි සර්ට පතුරම් දුන්නේ නැහැ.

ඊට පස්සේ සර් කිව්වා පරීක්ෂා කරලා බලන්න කෝ පතුරම් දෙන්න කියලත් කිව්වා. සර් ඉල්ලපු නිසා පතොරොම් සහිත මැගසිනයත් සර්ට දුන්නා, පිස්තෝලය යි පතුරොම් සහිත මැගසිනය යි මගෙන් ඉල්ලගෙන අතට අර ගත්තට පස්සේ සර් මට කිව්වා ප්‍රසන්න ව්‍යායාම කරන්න යන්න වතුර බෝතලයක් ගේන්න කියලා.

තවත් වෛරසයකින් මුළු ලෝකෙම වෙලා ගනියි - අසාතිදයන් 3,360 දක්වා ඉහළ යද්දී මරණ 1,487ක්

තවත් වෛරසයකින් මුළු ලෝකෙම වෙලා ගනියි - අසාතිදයන් 3,360 දක්වා ඉහළ යද්දී මරණ 1,487ක්