ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අධිකරණ ඇමති අතර තීරණාත්මක සාකච්ඡාවක්

Report

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද (29) පස්වරුවේ අධිකරණ අමාත්‍යවරයා හමුවී පැවැත්වූ විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය දැනුම්දී ඇත.

වී කිලෝවක නිෂ්පාදන පිරිවැය ප්‍රකාශයට - නව මිල මෙන්න

වී කිලෝවක නිෂ්පාදන පිරිවැය ප්‍රකාශයට - නව මිල මෙන්න

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සඳහන් කළේ, පැයකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය මෙම අවස්ථාවේ ඉදිරියට ගෙන නොයන ලෙස සිය සංගමයේ ස්ථාවරය අමාත්‍යවරයා වෙත පැහැදිලි කළ බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද නීතිඥ සංගමය මෙහිදී අවධාරණය කර තිබේ.

තවත් වෛරසයකින් මුළු ලෝකෙම වෙලා ගනියි - අසාතිදයන් 3,360 දක්වා ඉහළ යද්දී මරණ 1,487ක්

තවත් වෛරසයකින් මුළු ලෝකෙම වෙලා ගනියි - අසාතිදයන් 3,360 දක්වා ඉහළ යද්දී මරණ 1,487ක්

ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, නීතිඥ සංගමයේ නියෝජිතයන් ඉදිරිපත් කළ ඉල්ලීම් සහ කරුණු පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කර, ඊට අදාළ ඉදිරි තීරණය ඉදිරියේදී දැනුම්දීමට කටයුතු කරන බවයි.