බෙන්තොට වෙරළේ පැරා මෝටර් අනතුරක් - විදෙස් කාන්තාවක් මරුට
බෙන්තොට වෙරළ තීරය ආශ්‍රිතව සිදුවූ පැරා මෝටර් (Paramotor) අනතුරකින් විදේශික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක් වූ පලස්තීන ජාතික කාන්තාවකි.
පැරා මෝටර් යන්ත්‍රය ගුවනේ පියාසර කරමින් තිබියදී හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය මුහුදට කඩා වැටී මෙම අනතුර සිදුව ඇත.
එහි නියමුවා ලෙස කටයුතු කළ කොලොම්බියානු ජාතිකයා අනතුරෙන් දිවි ගලවා ගැනීමට සමත්ව තිබේ. මියගිය කාන්තගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දේහය දැනට නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අනතුරට හේතුවූ නිශ්චිත තාක්ෂණික දෝෂය මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.