කොළඹ කොටස්වලට රතු එළි - ප්‍රධාන දර්ශකයන් ඇඳ වැටෙයි
සඳුදා දින ගණුදෙනු අවසානයේ කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන දර්ශකයන් කැපී පෙනෙන පහත වැටීමක් දක්නට ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව දිනය පුරා පැවති අස්ථාවරත්වය හමුවේ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) සහ S&P SL20 දර්ශකය යන දෙකම රතු පැහැයෙන් ගණුදෙනු අවසන් කර තිබෙනවා.
සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) පෙර දිනට සාපේක්ෂව ඒකක 753.29 කින් (3.47% කින්) පහළ බැස ඒකක 20,939.26 ක් වශයෙන් සටහන්ව තිබුණා.
එසේම මෙරට ප්‍රමුඛතම සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්ශකය ද ඒකක 199.72 කින් (3.28% කින්) පහළ ගොස් ඒකක 5,884.93 ක් දක්වා අඩුව ඇත.
දෛනික පිරිවැටුම රුපියල් බිලියන 6.59 ක් (රු. 6,590,812,359.05) වශයෙන් සටහන් විය. දවස පුරා ගණුදෙනු 58,173 ක් සිදු වූ අතර හුවමාරු වූ මුළු කොටස් සංඛ්‍යාව 588,051,243 ක් වේ.
එමෙන්ම පෙරවරු 09:30 ට ගණුදෙනු ඇරඹූ මොහොතේ සිටම දර්ශකයන්ගේ වේගවත් පහළ යෑමක් දැකිය හැකි වූ අතර, පෙරවරු 10:30 වන විට වෙළඳපොළ සිය අවම අගයට පැමිණ ඇත.
එමෙන්ම පස්වරුවේ සුළු යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කළද, එය පෙර පැවති අගයන් කරා ළඟා වීමට ප්‍රමාණවත් නොවුණු බව වාර්තා විය.