අලුත් අවුරුද්දෙන් පස්සේ ලංකාවේ දැවැන්ත අර්බුදයක් - ඉන්ධන නෑ - ලෝකෙම අමාරුවේ දැම්මට බිමල් ලෝක නායකයින්ටත් අමතයි
ඉන්ධන පවතින්නේ එළඹෙන අප්‍රේල් මාසයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය දක්වා පමණක් බවත්, ඉන් ඉදිරියට රට දැඩි අභියෝගයකට මුහුණ දෙනු ඇති බවත් බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ලෝක නායකයන් කිහිපදෙනෙකුගේ මෝඩ යුද උන්මාදය නිසා සමස්ත ලෝකයම විනාශ වෙමින් පවතින බවත්, එහි බලපෑම ශ්‍රී ලංකාවට ද දැඩි සේ එල්ල වී ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.
එසේම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලෝකය පාලනය කරන නායකයන් කිහිපදෙනෙකුගේ යුද උන්මාදය නිසා මිනිස් ජීවිත විනාශ වෙමින් පවතින අතර, මිනිසුන්ගේ ජීවිත පිළිබඳ බලාපොරොත්තු බිඳවැටී ඇති බවයි.
එසේම පෘථිවියේ කුඩා කොටසක් වන ශ්‍රී ලංකාවේ වැසියන් ලෙස අපටද මෙහි දරුණු බලපෑම්වලට මුහුණ දීමට සිදු වී ඇති බවත් ඔහු පවසයි.
මේ අතර රටේ ඉන්ධන තොග පවතින්නේ අප්‍රේල් මාසයේ අලුත් අවුරුද්ද දක්වා පමණක් බව මීට පෙර ජනාධිපතිවරයා ද ප්‍රකාශ කර ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා දැනට පවතින ගෝලීය යුද වාතාවරණය තවදුරටත් පැවතුණහොත් ඉන් ඉදිරියට ඉන්ධන සම්බන්ධයෙන් විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව ද අවධාරණය කළා.