හෙට උදේ වෙද්දි ලංකාවට සුබ ආරංචියක් - සියලුම QR ප්‍රශ්න ඉවරයි - විශේෂ දැනුම්දීමක්

Report

ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) සම්බන්ධයෙන් පවතින තාක්ෂණික ගැටලු මේ වන විට සාර්ථකව නිරාකරණය කරමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය දන්වයි.

එබැවින් එම අමාත්‍යාංශය විශ්වාසය පළ කළේ හෙට (17) දින පෙරවරුව වන විට පවතින සියලු බාධාවන් ඉවත් කර පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි.

මෙහිදී විශේෂයෙන්ම 2023 වසරේ අගෝස්තු මාසයෙන් පසුව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා නීත්‍යානුකූලව හිමිකාරීත්වය පවරා ගන්නා ලද වාහන සඳහා නව QR කේතයක් ලබාගත යුතුයි.

මේ අයගේ ඉන්ධන කෝටාව ගැන අලුත්ම ආරංචිය - ඉදිරියේදී විශේෂ චක්‍රලේඛයක්

මේ අයගේ ඉන්ධන කෝටාව ගැන අලුත්ම ආරංචිය - ඉදිරියේදී විශේෂ චක්‍රලේඛයක්

එමෙන්ම අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළේ මෙම නව ලියාපදිංචි කිරීම් සඳහා අවශ්‍ය වන පද්ධති යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදුකෙරෙමින් පවතින බවයි.

එසේම යම් QR කේතයකට අදාළ දුරකථන අංකයක හිමිකාරීත්වය මාරු වී ඇත්නම් හෝ අදාළ දුරකථන සබඳතාව විසන්ධි වී ඇත්නම්, එවැනි පාර්ශ්වයන් පිළිබඳ තොරතුරු අදාළ ජංගම දුරකථන සේවා සපයන සමාගම් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

එබැවින් එම සමාගම් විසින් ලබාදෙන යාවත්කාලීන දත්ත මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඔස්සේ පද්ධතියට ඇතුළත් කිරීමේ කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක බව සඳහන්.

දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට - මේ අයට සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව ගැන විශේෂ දැනුම්දීමක්

දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට - මේ අයට සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව ගැන විශේෂ දැනුම්දීමක්

තවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමේදී අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන ව්‍යාජ සබැඳි (Links) වෙත ප්‍රවේශ වී තම පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙසයි.

දත්ත අවභාවිතය වළක්වා ගැනීමට සැමවිටම රජයේ නිල පද්ධතිය පමණක් භාවිත කරන ලෙසත්, පවතින ගැටලු වෙනුවෙන් 1919 ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙසත් වැඩිදුරටත් දැනුම් දී ඇත.  

QR එකෙන් අලුත් වාහන වලට ඉන්ධන නැද්ද? වාහන හිමිකරුවන් ලොකු ප්‍රශ්ණයක් මතුවෙලා

QR එකෙන් අලුත් වාහන වලට ඉන්ධන නැද්ද? වාහන හිමිකරුවන් ලොකු ප්‍රශ්ණයක් මතුවෙලා