පාඨලී චම්පික රණවකට එරෙහි රාජගිරිය රිය අනතුරු නඩුවේ පූර්ව නඩු විභාගයට දින

Report

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ ආන්දෝලනාත්මක රිය අනතුර සහ එහි සාක්ෂි වසන් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන නොවැම්බර් 10 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා අද (04) නියෝග කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණයේ පෙනී සිටියේය.

ඉන්ධන මිල හා අස්වැසුම ගැන සුභ ආරංචියක් - පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා හෙළිකළ තොරතුරු මෙන්න

ඉන්ධන මිල හා අස්වැසුම ගැන සුභ ආරංචියක් - පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා හෙළිකළ තොරතුරු මෙන්න

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ සමදරි පියසේන මහත්මිය පෙනී සිටියාය.

2016 පෙබරවාරි 28 වැනිදා රාජගිරිය ජනාධිපති විදුහල අසලදී සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා පදවාගෙන ගිය යතුරුපැදියේ සුඛෝපභෝගී රථයක් (WP KT-7545) අපරික්ෂාකාරී ලෙස ගැටී බරපතළ තුවාල සිදුකිරීම, අනතුරෙන් පසු වාහනය නොනවත්වා ධාවනය කිරීම සහ අසත්‍ය සාක්ෂි ගෙතීම ඇතුළු අධිචෝදනා 16ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හදිසියේම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට - මෙන්න හේතුව

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හදිසියේම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට - මෙන්න හේතුව

එහිදී දණ්ඩ නීති සංග්‍රහය සහ මෝටර් රථ ආඥා පනත යටතේ බරපතළ රිය අනතුරක් සිදු කර ඒ පිළිබඳව පොලිසියට වාර්තා නොකිරීම, තුවාලකරු රෝහල්ගත කිරීමට පියවර නොගැනීම සහ අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනා තුනක් ද ගොනු කර තිබේ.

පාඨලී චම්පික රණවක, ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ තුසිත දිලුම් තුෂාර සහ එවකට වැලිකඩ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරි සුදත් අක්මඩල යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව පවරා ඇති නඩුව ද එදිනට කැඳවා ඇති බැවින්, එම නඩුව ද සමඟ අදාළ නඩු කටයුත්ත කැඳවීමට පැමිණිල්ල කළ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.