කජු සංස්ථාවේ ඉඩම් රජයේ වැවිලි සමාගම්වලට පැවරීමට යෝජනා කැඳවයි
ශ්‍රී ලංකා කජු සංස්ථාව සතු ඉඩම් රජයට අයත් වැවිලි සමාගම් වෙත පැවරීම සඳහා එම ආයතනවලින් යෝජනා කැඳවා ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
රජයට අයත් වාණිජ නොවන ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකා කජු සංස්ථාව ද ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.
එහි පළමු පියවර වශයෙන් කජු සංස්ථාවට අයත් අක්කර 6,498කින් සමන්විත මන්නාරම දිස්ත්‍රික්කයේ කොණ්ඩච්චි වතුයායේ පවතින ඌන උපයෝජිත ඉඩම් අක්කර 3,806ක් කජු වගාව සඳහා සුදුසු ආයෝජකයන් වෙත ලබාදීමට නියමිතය.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ 2015 වන විට කජු සංස්ථාව සතුව පැවති ඉඩම් අක්කර 10,210ක ප්‍රමාණය වර්තමානය වන විට අක්කර 11,126ක් දක්වා වර්ධනය වී ඇති බවයි.
ලෝකයම සලිත වෙයි - න්‍යෂ්ටික පිපිරීමක් වුණොත් බේරෙන්න ඉරානයෙන් උපදෙස් දෙයි - රාජ්‍ය රූපවාහිනියේම විකාශය කරයි
කෙසේ වෙතත්, 2015 වසරේදී එම ඉඩම්වලින් අක්කර 6,986ක ප්‍රමාණයක් වගා කර නොතිබූ අතර, 2026 වසර වන විට වගා නොකර පවතින ඉඩම් ප්‍රමාණය අක්කර 7,032ක් දක්වා ඉහළ ගොස් ඇත.