චණ්ඩි ටෝක් දාන්න එපා.. ජනපතිට වඩා ලොකු චණ්ඩි ගෝඨාභයලා අන්තිමට කෙළවගත්තා
බිමල් ඇමැති බල්තසාර්ගෙ නම ලියලා තියාගන්න කියනකොට නගරාධිපති එයා කියලා.
මුජිබර් මන්ත්‍රි කියන්නෙ චණ්ඩි ටෝක් දාලා නම් හර්යන්නෙ නෑ. ජනපතිට වඩා ලොකු චණ්ඩි ගෝඨාභයලා, අන්තිමට කෙළවගත්තා.
ඒ නිසා කොළඹ අපි ගන්නවා කාවද කියලා අහන්න එපා කියලා කියනවා. කොළඹ කියන්නෙ යුද්ධයක්නෙ. ඇන්. ඇම්.ලා දින්නට පස්සේ කොළඹ යූඑන්ජ් එකෙන් ගන්න ලේසි වුණේ නැහැ. මේ පාර මාලිමාව දින්නත් නගර සභාවේ නගරාධිපති පත්කර ගන්න ඡන්ද බලය ඒ අයට නෑ, දැන් හැමෝම නගරාධිපති තමන්ගේ කියන්න අරගෙන.
මේ පාර නගරාධිපතිවරු දෙන්නෙක් පත්වෙයිද මන්දා. කොළඹ හදන්නේ මේ පොරය. සජබයට ඡන්දේ දිනාගත්තත් මේ උනන්දුව තිබුණා නම් එජාප නගරාධිපති කෙනෙක් පත්කර ගන්නත් තිබුණා.
කවුරුවත් ගනන් නොගන්න නගරාධිපති කෙනෙක් දාලා එයාට ආසනයවත් දිනා ගන්න බැරි වුණා කියමුකෝ. ඒක ආණ්ඩුවට වෙන විදිහක විනෝදයක් කරගෙන ආණ්ඩුව අවුරුදු 19ක කෙල්ලක් දාලා සජබ නගරාධිපතිව පැරැද්දුවා කියලා. ඕවා ඒ තරම් හිනාවෙන්න කාරණා නෙවෙයි.
ඒ අයත් සියයට තුනේ හිටියේ. ඔය දිනන වෙලාවට හෝදලම දෙනවා වගේ පරදින වෙලාවට ලොවෙත් නැති වෙන්න පරදිනවා. අවුරුදු 19ද, 59ද නෑ. දිනනකොට දිනනවා. බන්දුල ගුණවර්ධන ඒකනේ කිව්වේ මහින්ද පොල් ලෙල්ලක් දැම්මත් දිනුම් කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 159ක් ආවෙත් එහෙම තමයි.
නැතිව එයාලා ඕන අය කියලා ගෙනාවද? වායි කැලිත් මොනවා කරලද දිනවන්න තරම් බිමල් ලියලා තියා ගන්න කිව්වට. මුජිබර් තමයි කොළඹ සජබට ගන්න දත කන්නෙ. එයා නිසා තමයි ඔය ඡන්ද ටිකක් ලැබුණේ.
ඒ නිසා එයාගේ මහන්සියත් සාධාරණයි. දැන් ජනතාවට තියෙන්නෙ බලාගෙන ඉන්න. මාලිමා නගරාධිපතිද සජබ නගරාධිපතිද කියලා. ඔන්න ඔහේ බලාගෙන ඉමු තව ටික දවසනෙ.
