වෙඩි තිබ්බෙ ලිපි ගොනු උස්සන්නවත් ද?

Sri Lanka Police Shooting Crime Law and Order Sinhala news
By Kaushi May 18, 2025 10:21 AM GMT
Kaushi

Kaushi

Report

තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් CCTV දර්ශන පරීක්ෂා කරන බව පොලීසිය වාර්තා කරයි.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය සහ නාරාහේන්පිට පොලීසියේ කණ්ඩායම් හතරක් අදාළ CCTV දර්ශන පරීක්ෂා කරන බව පොලීසිය ප්‍රකාශ කරයි.

යුද ජයග්‍රහණය සමරන්න ඔන්න මෙන්න තියෙද්දි, දමිළ ජනතාව සිහිපත් කරන්න ගිහින්

යුද ජයග්‍රහණය සමරන්න ඔන්න මෙන්න තියෙද්දි, දමිළ ජනතාව සිහිපත් කරන්න ගිහින්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කරමින් සිටි ජීප් රථයට ඊයේ (17) දින රාත්‍රියේ නාරාහෙන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසල දී මෙසේ වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

එම අවස්ථාවේ රථය තුළ ගමන් කර ඇත්තේ හල්ලොලුව මහතා සහ දිනේෂ් දොඩංගොඩ නැමති ඔහුගේ නීතිඥවරයා බව පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් පොලීසියට ප්‍රකාශ කර තිබුණේ යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් විසින් ජීප් රථය හරස් කර වෙඩි තබා තමන්ව බිය ගන්වා එහි දොරවල් විවෘත කළ බව‍යි.

ඉන්පසු තමන්ට පහරදී තමන් සතුව තිබූ ලිපි ගොනුවක්ද රැගෙන එම පුද්ගලයින් පලාගිය බව ද හල්ලොලුව මහතා ලබා දුන් ප්‍රකාශයේ සඳහන් වූ බව පොලිසිය වාර්තා කරයි.

සිදුවීමෙන් තුසිත හල්ලොලුව මහතා සහ ඔහුගේ නීතිඥයා සුළු තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සඳහා ඔවුන්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ඒ අනුව මේ පිළිබඳ විමර්ශන නාරාහේන්පිට පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

එහි දී පොලීසිය නිරීක්ෂණය කර තිබුණේ පැමිණි අය ජීප් රථයේ ඉදිරිපස වීදුරුවටද කෙටේරියකින් වැනි යමකින් පහරදී ඇති බවයි. සිද්ධිය වූ ස්ථානයට SOCO නිලධාරීන් අද උදෑසන පැමිණ වැඩිදුර විමර්ශන සිදුකර තිබේ.

දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - ප්‍රවේශම් වෙන්න..

දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - ප්‍රවේශම් වෙන්න..

මෙම සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති අතර ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත බව සඳහන්.

පසුගිය දා (2) හල්ලොලුව මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදෙස් රටක මුදල් ආයෝජනයක් කර ඇතැයි සිදුකළ ප්‍රකාශයක් මතභේදයට තුඩු දී ඇත.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වූ පැමිණිල්ලක් මත තුසිත හල්ලොලුව මහතා කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමට එම දෙපාර්තමේන්තුව මැයි 15 වැනිදා පියවර ගෙන ඇත.

ReeCha