ක්ලබ් වසන්ත අවසන් ගමන් යද්දී කන්ජිපානි දැමු සාදයට ගිය අයගේ පින්තූර එලියට. - රට පැන්න IP දුමින්දත් සිටි.? - (VIDEO)

CID - Sri Lanka Police Sri Lanka Police Gun Shooting Murder
By Wayomi Jul 18, 2024 05:31 AM GMT
Wayomi

Wayomi

Report

ක්ලබ් වසන්ත ඝාතනයෙන් පසු ඉතාලියේදී කන්ජිපානි ඉම්රාන් විසින් සාදයක් දැමු බවත් ඒ සඳහා දැනට ප්‍රංශයේ සිටින කොළඹ අපරාධ කොට්ටාශයට අනුයුක්තව රාජකාරී සිදුකළ පොලිස් පරීක්ෂකවරයෙකු සිටින බවටත් සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබුණා.

පසුගිය පෙබරවාරි මාසයේදී තම ජීවිත ආරක්ෂාව සඳහා බව පවසමින් මෙරටින් ප්‍රංශය බලා ගිය කොළඹ සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද විජේතිලක ට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුයේ ආදළ පුවත් පත මගින් හෙළිකරන පුද්ගල චරිතය ඔහු ලෙස හැගී යාම හේතුවෙන්.

අත්‍යවශ්‍ය භාණ්ඩ 18කට මිල පරාසයක් නිකුත් කරයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ 18කට මිල පරාසයක් නිකුත් කරයි.


නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් සමඟ ප්‍රංශයේ සිට සම්බන්ධවෙමින් පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක අදහස් දක්වා තිබූ අතර ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.

එමෙන්ම මේ සම්බන්ධ පුවත් වාර්තාව ලියු මාධ්‍යවේදියා දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ ගත් නමුත් ඔහු තම දුරකථන ඇමතුම් මඟ හැරී බවත් IP ජයතිලක පවසනවා.

ක්ලබ් වසන්තගේ වෙඩික්කරුවන් ගැන සහ ටැටූ දුලාන්ගේ මව ගැන පොලීසය කළ අලුත්ම අනාවරණය.

ක්ලබ් වසන්තගේ වෙඩික්කරුවන් ගැන සහ ටැටූ දුලාන්ගේ මව ගැන පොලීසය කළ අලුත්ම අනාවරණය.


එමෙන්ම කන්ජිපානි ඉම්රාන් සමඟ සාදයට ගිය පුද්ගලයින්ගේ ඡායාරුප එළඹෙන සතියේ පළකිරීමට කටයුතු කරන බවත් අදාල මාධ්‍යවේදියා විසින් තම බිරිඳට දැනුම් දී ඇති බව පවසා තිබෙනවා.

අනුර කුමාර ඝාතන සැලසුම ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න. - ගණුදෙනුව කෝටි 4.5ක්. - (VIDEO)

අනුර කුමාර ඝාතන සැලසුම ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න. - ගණුදෙනුව කෝටි 4.5ක්. - (VIDEO)


කෙසේ වෙතත් ඒ IP මේ IP නොවන බවද අදාළ මාධ්‍යවේදියා විසින් සඳහන් කර ඇති බවත් පවසමින් ඔහු විසින් හඬ පටයක්ද මෙම වැඩසටහනේදී ඉදිරිපත් කර ඇත.