ක්ලීනින් ශ්‍රී ලංකාවට යුධ හමුදාව යොදවලා
"ක්ලීනින් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා යුධ හමුදාව සහ හැටන් පොලිසිය එක්ව, හැටන් මල්ලිඅප්පුව දුම්රිය හරස් මාර්ගයෙන් පටන්ගෙන, හැටන්-නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල දුම්රිය හරස් මාර්ගය දක්වා මාර්ගය දෙපස සිදුවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සහ පිරිසිදු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම මාර්ගය පාවිච්චි කරන සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් විසින් දැමූ ප්ලාස්ටික්, පොලිතින් වැනි අපද්‍රව්‍ය මෙහිදී ඉවත් කරන ලදි.
මෙම කාර්යය, ශ්‍රී ලංකා යුධ හමුදාවේ 642 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කණිෂ්ක ජයවර්ධන මහතා සහ එම බලසේනාවේ අණදෙන නිළධාරී මේජර් රුවන් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ දියත් කරන ලදී.
මීට අමතරව, හැටන් දික්ඔය නගර සභාවේ සහයෝගය මත, මාර්ගය කිලෝමීටර් 5ක පරිසමාප්තියක් තුළ මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක විය.