විශ්‍රාම වැටුප ගැන ලොකු ආන්දෝලනයක් ලබාදෙන වැටුපේ වෙනසක් - සියල්ල එළි කරමින් විශ්‍රාමිකයන් මහ පාරට

Report

සමාන සේවයට සමාන වැටුපක් ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්‍රාමික රාජ්‍ය සේවකයන් 1500කට අධික පිරිසක් කුරුණෑගල නගරයේ ඔරලෝසු කණුව අසල මංසන්ධිය අවහිර කරමින් අද (16) පැයකට අධික කාලයක් දැවැන්ත විරෝධතාවක නිරත වූහ.

'2020 - 2024 රාජ්‍ය සේවා විශ්‍රාමික එකමුතුව' විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර, එකම දිනක සේවයට බැඳී, එකම සේවයේ, එකම තනතුරක සේවය කර උපන් දිනය අනුව 2024 දෙසැම්බර් 31 සහ 2025 ජනවාරි 01 යන දිනවල විශ්‍රාම යන දෙදෙනෙකු අතර විශ්‍රාම වැටුප් වෙනස රුපියල් 25,000 සිට රුපියල් 90,000 දක්වා ඉහළ අගයකින් වෙනස් වීම නිසා තමන්ට සිදුවූ අසාධාරණයට වහාම විසඳුම් ලබාදෙන ලෙස ඔවුහු මෙහිදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

විභහග දෙපාර්තමේන්තුවෙන් උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගෙන් වහාම අයදුම්පත් කැදවයි 28 දක්වා වලංගුයි

විභහග දෙපාර්තමේන්තුවෙන් උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගෙන් වහාම අයදුම්පත් කැදවයි 28 දක්වා වලංගුයි

“විශ්‍රාම වැටුප රටට බරක් ද?”, “2025 රාජ්‍ය වැටුප් වැඩිකිරීමට අනුරූපව විශ්‍රාම වැටුප වහා වැඩි කරනු”, “සමාන සේවයට සමානව සලකනු” සහ “විශ්‍රාම වැටුප් ජාතික ප්‍රතිපත්තියක් සකසනු” වැනි විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවෝ වයඹ පළාත් සභා පරිශ්‍රය අසලට පැමිණ උද්ඝෝෂණයේ නිරත වූහ.

විශ්‍රාම වැටුප ගැන ලොකු ආන්දෝලනයක් ලබාදෙන වැටුපේ වෙනසක් - සියල්ල එළි කරමින් විශ්‍රාමිකයන් මහ පාරට | Retired State Workers Protest In Kurunegala

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජීවත් වීමට සරිලන අතුරු දීමනාවක් වහා ලබාදෙන ලෙසද ඔවුහු රජයට බල කර සිටියහ. අනතුරුව විරෝධතාවයේ නිරත වූ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් පිරිසක් වයඹ ආණ්ඩුකාර කාර්යාලයේ නිලධාරීන් හමුවී තම ඉල්ලීම් ඇතුළත් සංදේශයක් ද භාර දීමට පියවර ගත්හ.

උසස් පෙළ විභාගය කල් යයිද? නැද්ද? විභාගය කල් දැමීමේ පෙත්සමට අද සිදුවූ දේ

උසස් පෙළ විභාගය කල් යයිද? නැද්ද? විභාගය කල් දැමීමේ පෙත්සමට අද සිදුවූ දේ