Film හෝල් එකේ සිදුවීම උඩුදුවයි. - සිනමාශාලා තුළට ජංගම දුරකථන තහනම් වෙයි. - (VIDEO)
සිනමාශාලා තුළට ජංගම දුරකථන රැගෙනයාම සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාව මැදිහත් වී නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බව චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඒ, අනුව වේදිකා නාට්‍ය නැරඹීමට යාමේ දී ප්‍රේක්ෂනයින්ට කැමරා, ජංගම දුරකථන රැගෙන යාමට අවස්ථාව නොලැබෙයි.
චිත්‍රපට ශාලාවට ද කැමරා සහ ජංගම දුරකථන රැගෙන යාම වළක්වාලමින් වහාම නීතියක් සැකසිය යුතු බව සිනමා නිර්මාණකරු ජයන්ත චන්ද්‍රසිරි මහතා පවසනවා.
ඒ සඳහා චිත්‍රපට සංස්ථාව මැදහත්ව කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.