“රොබෝවරුත් නිරූපිකාවන් සමඟ විලාසිතා දැක්මට එක්වෙයි” - බැංකොක් ජාත්‍යන්තර විලාසිතා සතිය උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි

Report

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන Bangkok International Fashion Week 2026 ජාත්‍යන්තර විලාසිතා සතියේ පළමු දිනයේදී රොබෝවරුන් ද විලාසිතා දැක්මට එක්වීම විශේෂ අවධානයක් දිනාගෙන තිබෙනවා.

සාම්ප්‍රදායික විලාසිතා දැක්මකට නවීන තාක්ෂණය එක් කරමින් ඉදිරිපත් කළ මෙම දර්ශන ඔක්තෝබර් 8 වැනිදා කැමරාවට හසු වී තිබුණා.

ඔක්තෝබර් 8 වැනිදා බැංකොක් නුවර සියම් පැරගන් (Siam Paragon) සාප්පු සංකීර්ණයේ පැවති ISSUE Thailand විලාසිතා දැක්මේදී මෝස්තර නිරූපිකාවන් සමඟ මානවරූපී රොබෝවරයකු සහ සුනඛයකුගේ හැඩය ගත් රොබෝවරයකු ද ධාවන පථයට එක්ව සිටියා.

එම දර්ශනය ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානයට ලක්ව තිබෙනවා.

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”

තායි විලාසිතා ලෝකයට ජාත්‍යන්තර අවධානය

Bangkok International Fashion Week 2026 ඔක්තෝබර් 1 වැනිදා සිට 11 වැනිදා දක්වා බැංකොක් නුවර සියම් පැරගන්, සියම් සෙන්ටර් සහ සියම් ඩිස්කවරි යන ස්ථාන කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා.

මෙවර එය පැවැත්වෙන්නේ 19 වැනි වරටයි. මෙහිදී ප්‍රමුඛ තායි විලාසිතා නිර්මාණකරුවන්ගේ නවතම නිර්මාණ ඉදිරිපත් කරන අතර, තරුණ නිර්මාණකරුවන්ට ද සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා තිබෙනවා.

ජාත්‍යන්තර විලාසිතා සන්නාම සහ නව ප්‍රවණතා හඳුන්වා දීම ද මෙම වැඩසටහනේ තවත් අරමුණක්. මෙවර විලාසිතා සතියේ ප්‍රධාන තේමාව වන්නේ “TH-nomenal Extraordinary – Lead the Culture, Wear the Future” යන්නයි.

තායිලන්තයේ සංස්කෘතික අනන්‍යතාව සහ නිර්මාණශීලීත්වය නවීන විලාසිතා සමඟ එක් කරමින්, අනාගත විලාසිතා ප්‍රවණතා පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීම එහි අරමුණ වී තිබෙනවා.

විලාසිතා සහ තාක්ෂණය එකම වේදිකාවකට ගෙන ආ මෙවැනි ඉදිරිපත් කිරීම් හරහා, විලාසිතා ක්ෂේත්‍රය සාම්ප්‍රදායික මෝස්තර නිරූපණයෙන් ඔබ්බට ගමන් කරන ආකාරය ද දැකගත හැකියි.

රියාද් ගුවන්තොටුපළට හවුති මිසයිල ප්‍රහාරයක් - සෞදියා ගුවන් නියමුවෙකුට අවාසනාවන්ත ඉරණමක්

රියාද් ගුවන්තොටුපළට හවුති මිසයිල ප්‍රහාරයක් - සෞදියා ගුවන් නියමුවෙකුට අවාසනාවන්ත ඉරණමක්