දිවයින පුරා මේ ප්‍රදේශවලට අනතුරු ඇගවීමක්

Report

දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිකුත් කර තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම සංවිධානය සඳහන් කරන පරිදි අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (09) පස්වරු 04.00 සිට හෙට (10) පස්වරු 04.00 දක්වා බලපැවැත්වෙන පරිදි දීර්ඝ කර ඇත.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

ඒ අනුව කෑගල්ල, මහනුවර, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙම පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙයි.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න

කෑගල්ල දිස්ත්‍රික්කය: - මාවනැල්ල, ⁠රුවන්වැල්ල, බුලත්කොහුපිටිය

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න

මහනුවර දිස්ත්‍රික්කය: - යටිනුවර, හතරලියද්ද කෑගල්ල දිස්ත්‍රික්කය: - දෙහිඕවිට, ⁠කෑගල්ල, රඹුක්කන, යටියන්තොට, අරණායක, වරකාපොළ කුරුණෑගල දිස්ත්‍රික්කය: - අලව්ව රත්නපුර දිස්ත්‍රික්කය: - කුරුවිට, අයගම, ඇහැලියගොඩ, ⁠වැලිගෙපොල, රත්නපුර, කලවාන, ඉඹුල්පේ, නිවිතිගල