ලෝකයක් ඉදිරියේ ලංකාවම උස්සලා තියපු රුමේෂ් තරංගගේ කැඩුණු හෙල්ලට ලංකාව දුන් ගෞරවය
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ඉකුත් දා පැවති වර්ල්ඩ් අල්ටිමේට් තරගාවලිය නිමවා දිවයිනට පැමිණීමේදී තුර්කි ගුවන් යානය තුළදී ඔහුගේ ප්‍රධාන හෙල්ල 5ක් කැඩී ගොස් තිබුණ බව වාර්තා විය.
ඒ අනුව කැඩී ගිය එම හෙල්ල කිහිපය ලක්මව ජාත්‍යන්තරයේ බැබලවීමට කොපමණ වැදගත්වූවාද යන්න පිළිබඳව රුමේෂ් ඉකුත් දා සමාජ මාධ්‍ය සටහනක් තබමින් සඳහන් කර තිබුණා.
එබැවින් එම වටිනා හෙල්ල කිහිපයට ගෞරව දැක්වීමේ අරමුණින් අද (09) දින හික්කඩුවේදී ඒවා තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.