මෙරටින් හොර රහසේම කොතළහිඹුටු තොගයක් පන්නන්න හැදූ චීන ජාතිකයා කොටු
මෙරටින් කොතළහිඹුටු තොගයක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු අද (31) දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රේගු නිළධාරීන් සදහන් කරන්නේ ලෝකය පුරා ජනප්‍රිය ශ්‍රී ලංකාවේ තේ සන්නාමය සහිත ඇසුරුම් භාවිතා කරමින් මෙම චීන ජාතින කොතළ හිඹුටු කිලෝ ග්‍රෑම් 21 ක් අසුරා තිබූ බවයි 46 හැවිරිදි සැකකරු මෙරට තුළ සංචාරයේ නිරත වූ චීන ජාතිකයෙකි.
ඔහු අද අලුයම 01.40 ට චීනයේ කුංමිං නුවර බලා පිටත්ව ගිය චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 714 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ විදිවිධාන යටතේ කොතළ හිඹුටු ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන යා නොහැකි ආරක්ෂිත ශාක විශේෂයකි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.