ඇෆ්ගනිස්ථානයට දරුණු ගංවතුර තත්වයක්- විසි දෙදෙනෙක් මරුට
මේ වනවිට ඇෆ්ගනිස්ථානයට බලපා ඇති තද වැසි සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තිබේ.
ඇෆ්ගනිස්ථානයට බලපා ඇති තද වැසි සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තිබෙන බව සදහන් වේ.
තවද අධික වර්ෂාව හේතුවෙන් පසුගිය දින දෙක තුළ අධික ගංවතුරක් ඇෆ්ගනිස්ථානයේ හටගත් අතර නායයෑම් වලින් ගොඩනැගිලි කඩා වැටීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් 32 දෙනෙකු තුවාල ලබා තිබේ .
අයහපත් කාලගුණය හේතුවෙන් තවදුරටත් අවදානමක් පවතින බව එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කර තිබේ.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පර්වාන්, මයිඩාන් වර්ඩැක්, ඩේකුන්ඩි සහ ලෝගාර් ඇතුළු ප්‍රදේශවලිනි ඒ අනුව ගංවතුර සහ නායයාම් හේතුවෙන් නිවාස 241 කට හානි සිදුව ඇත.
2021 වසරේ දී තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්තානයේ බලය අල්ලා ගත් දා සිට රජයේ මූල්‍ය කටයුතුවල කොඳු නාරටිය වූ ජාත්‍යන්තර ආධාර කප්පාදු කිරීමත් සමග රට අර්බුද රැසකට මුහුණ දෙමින් තිබේ.
අධික වර්ෂාව හේතුවෙන් පසුගිය දින දෙක තුළ අධික ගංවතුරක් ඇෆ්ගනිස්ථානයේ හටගත් අතර නායයෑම් වලින් ගොඩනැගිලි කඩා වැටීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් 32 දෙනෙකු තුවාල ලබා ඇත.
එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කළේ අයහපත් කාලගුණය හේතුවෙන් තවදුරටත් අවදානමක් පවතින බවයි.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පර්වාන්, මයිඩාන් වර්ඩැක්, ඩේකුන්ඩි සහ ලෝගාර් ඇතුළු ප්‍රදේශවලිනි.
ගංවතුර සහ නායයාම් හේතුවෙන් නිවාස 241 කට හානි සිදුව ඇත.
ඒ වගේම 2021 වසරේ දී තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්තානයේ බලය අල්ලා ගන්නා ලදී එදා සිට රජයේ මූල්‍ය කටයුතුවල කොඳු නාරටිය වූ ජාත්‍යන්තර ආධාර කප්පාදු කිරීමත් සමග රට අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින බව සදහන් වේ.