දරුණු අනතුරක් - මෙහෙණින් වහන්සේලා තුන්නමකට අසාධ්‍යයි
By Kanchana
සූරියවැව, නුගේකන්ද ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක්, ලොරි රථ දෙකක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් මෙහෙණින් වහන්සේලා තුන් නමක් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ අතුරු මාර්ගයෙන් පැමිණි ත්‍රීවීල් රථය එක්වරම ප්‍රධාන මාර්ගයට ඇතුළු කිරීමට යාමේ දී ප්‍රධාන මාර්ගයේ පැමිණි ලොරි රථයේ ගැටී, මාර්ගයෙහි නතර කර තිබූ තවත් කුඩා ලොරි රථයක ගැටීම හේතුවෙනි.
ත්‍රීවීල් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී තිබෙන බව පොලීසිය සදහන් කර තිබේ.
කෙසේ වෙතත් මෙම අනතුරින් ත්‍රීවිල් රථයේ රියදුරා ද බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ. මෙම අනතුර සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි .