ට්‍රම්ප් නිසා චීනේත් යකා නටයි ආයෙත් යුද්ධයක්?

Report

 අමෙරිකාව විසින් චීනයට පැනවූ තීරුබදු ප්‍රතිශතය ඉහළ නැංවීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වා තිබේ. අමෙරිකාවේ තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව චීනය ප්‍රතිචාර දැක්වීම හේතුවෙන්, චීනයට මේ වනවිට 245%ක තීරුබදු අනුපාතයකට මුහුණ දීමට සිදුවන බව ධවල මන්දිර වෙබ් අඩවි වාර්තාවක් සඳහන් කළේ පසුගිය 15 වනදාය.

සජිත් දුකින්ලු - සජබ සභාපතිකම යළි බාර ගන්න ඉම්තියාස් සූදානම්!

සජිත් දුකින්ලු - සජබ සභාපතිකම යළි බාර ගන්න ඉම්තියාස් සූදානම්!

ඊට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යංශය පවසා ඇත්තේ, අමෙරිකාව චීනයට අසාමාන්‍ය ඉහළ තීරුබදු යළි යළිත්පැනවීම මේ වනවිට අංක ගණිතමය ක්‍රීඩාවක් බවට පත්ව ඇති බවයි. එයට කිසිදු ප්‍රායෝගික ආර්ථික තේරුමක් නොමැති බව චීනය මීට පෙරද අවධාරණය කර තිබුණි.

අමෙරිකාව බලහත්කාරයෙන් චීනයට හිරිහැර කිරීම සඳහා සිය තීරුබදු ප්‍රතිපත්තිය ආයුධයක් ලෙස භාවිත කරන බව මෙමගින් තවදුරටත් පිළිබිඹු වී ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු

හයේෂිකා ටීච පොලිස් කාර්,බයික් අරන් තියෙන්නේ සල්ලී දීලලු

අමෙරිකාව චීනයේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා සැලකිය යුතු ලෙස උල්ලංඝනය කිරීම අඛණ්ඩව සිදු කළහොත්, චීනය ද අවසානය දක්වා දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇති බව චීන විදේශ අමාත්‍යංශය අවධාරණය කර සිටියි